ගෙල වැල ලාගත්තද? ගහලා එල්ලුවාද?

කොට්ටාව පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු එම මැදිරිය තුළ දීම ගෙල වැලලා‍ගෙන මියගොස් තිබේ.
ගෙවල් බිඳුම් කිහිපයකට සම්බන්ධ බවට සැක කරමින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනු ලැබීය.

ඊයේ(17) රාත්‍රී 7.50 ට පමණ ලේස් පටියක් යොදාගනිමින් මැදිරිය තුළ ගෙල වැලලාගෙන ඇති එම සැකකරු හෝමාගම මූලික රෝහල වෙත ගෙනයෑමට පොලිසිය පියවර ගෙන තිබේ.

එහෙත් රෝහල වෙත රැ‍ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් ක‍රනු ලැබීය.
 
හර්ෂි සි පෙරේරා
Tell a Friend