යුද්දය අවසන්! මංකොල්ල වල වැඩිවීමක්!

හර්ෂි සි. පෙරේරා


මඩකලපුවේ පුත්තූර්හි නිමිලෙයිතිවු ප‍්‍රදේශයේ පිහිටි රජයේ බැංකුවකට කඩා වැදුනු මුහුණු වසාගත් මංකොල්ල කරුවන් 5 දෙනෙකු විසින් එහි සිටි රැකවලූන් කාමරයකට දමා බැංකුවේ තිබූ මුදල් සහ රත‍්‍රන් මංකොල්ල කා පලා ගොස් ඇත.

මංකොල්ල කරුවන් අත ටී 56 ගිනි අවි තිබූ බවත් ඔවුන් සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ඇති බවත් මංකොල්ලය සිදුවෙද්දී බැංකුවේ සේවයකරමින් සිට ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු පමණක් බවත් පොලීසිය පැවසීය.

මංකොල්ල කෑ මුදල සහ රත‍්‍රන් වල වටිනාකම කොතෙක්දැයි මෙතෙක් ගණනය කර නැතැයි ද පොලිස් ප‍්‍රකාශකයා පැවසීය.

උතුරු නැගෙනහිර තවමත් හමුදාව රැදී සිටි. මෙවැනි සිද්දීන් ගැන දෙමල ජනයා කුමක් කියනු ඇද්ද? ආනන්ද සංගරී කි ආකාරයට ඔවුන් කොටි සිටියානම් මිට වඩා හොද බව නොකියනු ඇද්ද?





Tell a Friend