අලි සම්පතට මෙන්ම වන සම්පතටත් කන කොකා හඩයි.

හර්ෂි සි. පෙරේරා

ගෙවීගිය සති කිහිපය තුල මෙරට අලි ඇතුන් සම්බන්දයෙන් අසන්නට ලැබුනේ කෙදනිය පුවත්ය. මේ වන සම්පත ගැනයි.

"වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගලබොඩ රක්ෂිතයේ ඇති වූ ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව නුවරඑළිය දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ගින්න ඇති වීමට හේතුව නිසි ලෙස මෙතෙක් අනාවරණය වී නැතත් කිසියම් පුද්ගලයෙකු විසින් කරන ලද ගිනි තැබීමක් යයි සැක කළ හැකි බව නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය. "

රටේ නීතියේ සිට ජනතාවගේ එදිනෙදා ජීවිතය අවුල්වී ඇති අවස්ථාවක අපිට නිදහස් මානසිකත්වයකින් අලි ඇතුන් ගැන සිතිය හැකිද? නිල්වන් වන පියසට පෙම් බැදිය හැකිද? අප සිටින්නේ ශ්‍රී ලංකා ගාතක බුමි නරබමින්ය. රටේ නීතියේ මුර බල්ලන් මේ මොහොතේත් කොහේ හෝ තැනක නොදරුවෙකුට නැතිනම් වැඩිහිටියකුට තලා පෙලනු ඇත. නීතියේ අදිපත්‍ය මානව හිමිකම් අද අහිමිව ඇත්තේ උතුරු නැගෙනහිර සුළු ජාතීන්ට පමණක් නොවේ. එහි වින්දිතයින් බවට වසර ගණනාවක සිට රටේ බහුතර ජනයා ගොදුරු වෙමින් සිටිති.

ඒ පරිසර අසිරිය රැක ගැනීමට අප දැන් උත්සුක නොවුනහොත් මතු දවසක අපට මානව හිමිකම් සැබෑවක් වන විට කාන්තාරයක් ඉතිරි වනු ඇත.






Tell a Friend