කතුවැකිය : මල් කැඩීම සහ මල් ගෙන්වීම


ආරක්ෂක ලේකම් විශ්‍රාම ගත් ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාගේ මංගල්‍ය අද ( ජුනි 30 ) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා පල විය. පුද්ගලයෙකුගේ විවාහ ජීවිතය වූ කලි එක්තරා කඩ ඉමකි. ඒ ගැන කිසිඳු විවාදයක් නොමැතිවම සුභපැතිය යුතු වන අතර නමුත් අදාළ විවාහ මංගල්‍ය උත්සවය නිසා සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතයට හිරි හැර සිදු කිරීමට හෝ මෙරට ජෛවවිවිධත්වයට හානි සිදු කිරීම සැලකිය යුතු වැදගත් කාරණයකි. මාධ්‍ය වාර්තා වලට අනුව ආරක්ෂක ලේකම් වරයාගේ අදාළ මංගල්‍ය සඳහා රෝස මල් ගෙනවිත් ඇත්තේ නෙදර්ලන්තයෙනි. ඒ කිසිඳු පරීක්ෂණයකින් තොරව විශේෂ විධානයක් යටතේය. මෙය බරපතල කාරණයක් වන අතර එහි බරපතල කම දැන හෝ නොදැන ආරක්ෂක ලේකම් වරයා සිදු කොට ඇත්තේ දේශද්‍රෝහී ක්‍රියාවකි. ඕනෑම රටකින් තවත් රටකට මෙවැනි ජෛව විවිධත්වයට අදාල වන දෙයක් රැගෙන යාමේදී ඒවා විධිමත් පරීක්ෂණයකට භාජනය කළ යුතුය. එය සිදු නොකිරීම නිසා ලංකාවේ වී ගොවිතැන, බිබිලේ දොඩම් වගාව මෙන්ම බඩ ඉරිඟු වගාවට සිදු වූ හානිය පිළිබඳව කිව යුතු නොවේ. එවැනි කුමන්ත්‍රණ නිසා රටට අහිමි වූ ජෛව- විවිධත්වය අතිශය විශාලය. මේ නිසා රටට අහිමි වූ ප්‍රාග්ධනයද විශාලය.

ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාබය දැන හෝ නොදැන තමන්ගේ නයි පෙනේ පුම්බාගෙන සිදු කොට ඇත්තේ අතීතයේදී මෙරට සිටි ඇතැමුන් කළ කුමන්ත්‍රණය දිගු කිරීමකි. ඔහුට නීතියක් අවශ්‍ය නැත. නිතිය ඔහුම වේ. මෙය විධායක ජනාධිපති ධූරය යයි නම් කළ ලංකාව විනාශ කළ මහා පිළිකාවේ පිලලයන් රටේ නීතිය අතට ගෙන දඟලන නාඩකමේ තරමය. නෙදර්ලන්තයෙන් ගෙන්වන ලද රෝස මල් යහනාවක තමන්ගේ පුත්‍රයාගේ බිරිඳගේ පතිවත පරීක්ෂණය කිරීමේ නන්දසේන භූමිකාවේ ඇත්ත වනෙන් එයයි. අපි සියල්ලම ශා හරි ලස්සනයි යයි කට ඇරගෙන මොවුන්ගේ කෙරුවාවල් බලා සිටින්නෙමු, තවත් කාලෙකින් මේවායෙහි ප්‍රතිපල භුක්ති විඳීමට අපටම සිදු වනු ඇත. එවිට ලේකම් නන්දසේන මෙරට නොසිටුණු ඇත. මන්ද ඔහුගේම වචන වලින් ඔහු 2007 දී නැගෙනහිර පළාතේ කොටින්ට එරෙහිව මෙහෙයුම් සිදු වන විට කියා සිටියේ, මට නම් මේක හරි ගියේ නැත්තම් ඇමෙරිකා හරි යන්න පුළුවන් කියාය. මේ අයියලාගේ මනස එසේය.

තමන්ගේ පුත්‍රයාට නෙදර්ලන්තයේ රෝසමල් වලින් යහන් ගබඩා තනන නන්දසේන රාජපක්ෂ පෙරේදා ( ජුනි 28 ) නියෝග කරනු ලැබුවේ විහාර මහා දේවි උයනෙහි මල් වෙළඳාම කරනු ලැබූ 400 ක් පමණ දෙනාට ඉන් පිට වන ලෙසය. ඊට හේතුව කොළඹ නගරයේ අලංකරණය අදාළ මල් වෙළෙන්දන් නිසා නැතිවන හෙයින් බව කියවේ. අදාළ මල් වෙළඳාම් කරන අයවලුන් නිසා එහි අලංකාරත්වය නැති වේ යයි කිසිවෙකු කියන්නේනම් ඔහු හෝ ඇය සිහි විකල්ලෙන් සිටින අයවලුන් හෝ වෙනත් වුවමන්වක් ඉටු කර ගැනීම සඳහා බොරු කියන්නන් විය යුතුය. එසේම අදාළ වෙළඳාම කරන අය වලුන්ට ලැබෙන අදායම් මාර්ගය නැති කර දැමීමෙන් ඔවුන්ට විකල්පයක් තනා දීමේ වැඩ පිළිවෙලක් මෙකි නාමික සිංහල බෞද්ධ ( සබැ ලෙස නම් සිංහල කුලවාදී හින්දු අන්තවාදී බමුණු ) කල්ලියට වුවමනාවක් තිබේද?

රටේ දුප්පතුන්ගේ අදායම් මාර්ගයන් කප්පාදු කරමින් තමන්ගේ අයවලුන් පිටරටවලින් ගෙන්වනු ලැබූ රෝස මල් ගබඩා වල යහන් ගත කිරීම රටේ කාලකන්නි කමක් මිස වෙන කිසිවක් නොවේ. අපි දෙවින් යැයි යක්ෂයින් තුරුළු කරගෙන එකී යක්ෂයන් රටම බක්ෂණය කරන තුරු කට ඇරගෙන එහෙයි කියා බලා සිටින්නෙමුද?



Tell a Friend