දේශපාලකයන් සමග ගනුදෙනු කරන කලාකාරයන් වෙත ප්‍රවීන රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ ගෙන් ඔවදනක්

අමිල ගුණරත්න

දේශපාලකයන්ගේ සපත්තු පොලිෂ් කරන කළාකරුවන්ට ප්‍රවීන රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ අගනා ඔවදනක් දෙයි . ඔහු මෙසේ කියයි. දේශපාලනය කියන්නේ ආවාට ගියාට කරන දෙයක්‌ නොවේ. මේ බිමට, ජනතාවට ආදරය කරන නිසා තමයි මම දේශපාලනයට ආවේ. අප කරන්නේ කුමක්‌ද කියා පළමුව තෝරා බේරා ගත යුතුයි. දේශපාලනයෙන් මම ශත පහක්‌ හම්බ කරලා නැහැ. මා එය කළේ ජාතික කර්තව්‍යයක්‌ ලෙසයි. විටින් විට රටේ ඇතිවන ප්‍රශ්න මත සුදුසු කාලයේදී මම දේශපාලන කටයුතුවලට ඇතුළු වුණා. කලාවට සේවය කරන බව කියමින් දේශපාලනයට එන කලාකරුවන්ගෙන් සිදුවූ සේවාවන් ගැන සෑහෙන්න බැහැ. මට හිතෙන විදිහට කලාවට සේවය කරනවා කීවාට ඒ අයගෙන් සිදුවූ සේවයක්‌ නැහැ. මම එහෙම සේවාවක්‌ දැකලත් නැහැ. දේශපාලකයන් එක්‌ක කලාකරුවා ගනුදෙනු කළ යුත්තේ බොහොම ප්‍රවේශමෙන්. දේශපාලකයන් බොහෝ දෙනෙක්‌ කලාකරුවන් භාවිත කරනවා. ඒත් වැඩක්‌ ගත්තට පස්‌සේ අලුයම ලූ කෙළ පිඬ වගේ විසිකරනවා. කලාකරුවනි.දේශපාලනඥයන් සමග ගනුදෙනු කරද්දී ප්රවේශම් වෙන්න.

සිරිල් වික්‍රමගේ පවසන සත්‍ය රජතුමාගේ අධෝමුකය සෝදන ජැක්සන් වැන්නවුන්ට අදාළ නොවුවද බහුතරයක් වූ කලාකරුවන් සම්බන්දයෙන් සත්‍ය බව පෙනී යයි. ලංකාවේ කලාකරුවන් යනු ජීවිත කාලය පුරා දේශපාලකයන්ට කඩේ යන පොල්පිති බවට පත් වී සිටින කොටසකි. එසේම හම්බ කරන කලේ හම්බ කොට ඒවා ඔහේ වියදම් කිරීමත් , නැති බැරි කාලේ ගෙවල් පැන්ෂන් ඉල්ලා ආණ්ඩුවට හිගමන් අයදීමත් මේ අය කරති. මෙවැනි සාටර් කලාකරුවන් ගැන අපේ හිතවත් ජෙෂ්ට සිනමා ශිල්පී ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මෙසේ පවසයි.

”සමහර කලාකාරයො ලැබෙන මුදල්වලින් විනෝද වෙනව මිසක් ඉතිරි කරන්නෙ නෑ. ඊට පස්සෙ බැරි වුණාම රජයෙනුයි එක එක සංවිධානවලිනුයි ආධාර ඉල්ලනව. ජීවිතේට මම කාගෙන්වත් ණයට සල්ලි ඉල්ලල නෑ. මගෙ මරණයට වියදම් කරන්න මම මේ වෙනකොට රුපියල් ලක්ෂ පහක් වෙන් කරලයි තියෙන්නෙ. මගෙ බිරිඳ ගුරුවරියක් නිසා එයාටත් පැන්ෂන් එකක් තියෙනව. අපිට හැකි පමණින් පින් අතේ වැඩත් කරල අපි ඉතාම සතුටින්, හිතේ නිදහසින් ඉන්නව. මම හිතන්නෙ සෑම පුද්ගලයෙක් ම තමන්ට බැරි වුණාම වියදමට ගන්න මුදලක් ඉතිරි කරන්න ඕන. නැතිනම් වෙන්නෙ අවසාන කාලෙ අනුන්ට අතපාන්න.”

Tell a Friend