ඉරාජ්, කොහුවල පොලිසියේ ඩී එස් තිසේරා සහ පොලිසිය

අමිල ගුණරත්න

ඉරාජ්ගේ පොලිසිය ගීතය ( http://www.youtube.com/watch?v=7YTNezSwYC4&feature=related) ඇසීමේදී මට මතකයට එන්නේ මගේ ජිවිතයේ දුටු දුෂිතම පොලිස් නිලධාරියා වන ඩී එස් තිසේරාවයි. ඔහු මීට වසර කීපයකට පෙර කොහුවල පොලිසියේ OIC ලෙස කටයුතු කළා. ඒ කාලයේ මගේ හිතවත්ම මිතුරෙකු වාහන අනතුරක් නිසා සාධාරණය ඉටු කරවා ගැනීමට කොහුවල පොලිසියට ගියා. මෙම පොලිස් නිලධාරී ඩී එස් තිසේරා අපක්ෂපාති බවින් තොරව ධනය බලය තිබු අනෙක් පාර්ශවයට වාසි වෙන විදියට වැඩ කළා. එතකොට අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ. ජනාධිපති චන්ද්‍රිකා උනත් පොලිසියට බලපෑම් කෙරුනේ රනිල් හදපු අභ්‍යන්තර අමාත්යංශය හරහා. අනෙක් පාර්ශවයේ පුද්ගලයාට එක්සත් ජාතික පක්ෂයේ කන්ටැක්ස් තියන බව දැනගත් තිසේරා ඔවුන් සතුටු වෙන විදියටයි වැඩ කලේ. අදාල පොලිස් වාර්තා සඟවමින් මගේ මිතුරාව දිගටම රස්තියාදු කළා. අධිකරණ වාර්තා යැවු බව කියමින් බොරු කිව්වා. පසුව අපට දැනගන්නට ලැබුනේ පොලිස් පරීක්ෂක ඩී එස් තිසේරා පාගා කැප්ටන් කෙනෙක් කියලා. කොහුවල ඩොමිනියන් සමාජ ශාලාවෙන් ඔහුට මාසිකව ගතමනාව ලැබුනා. දැන් මෙම නිලධාරියා මොන පොලිසියේද කියලා මම දන්නේ නැහැ . නමුත් එම සේවා ස්ථානයටත් ඉහඳ තියලා ඇති. උඩුගම්පොලලා, තිසේරලාගෙන් දුෂිත වූ පොලිසියේ හොඳ යහපත් නිලධාරින්ද මට හමුවී තිබෙනවා. අපි නරක පොලිස්කාරයන් ගැන කතා කරනවා හොඳ පොලිස්කාරයන් ගැන කිසිම සටහනක් නොකර. මට හමුවෙලා තියන හොඳ පොලිස් නිලධාරින් අතර පුජිත් ජයසුන්දර , වත්තේගම පොලිසියේ හිටපු OIC ලුඩවයික් වැනි නිලධාරින් ගැන මම සඳහන් කරන්න කැමතියි. පොලිසියේ හොරු Expose . කරන ගමන් හොඳ නිලධාරින් ගැන කියන්ටත් ඕනෑ ඔවුන්ව දිරිමත් කිරීමට. ඉතින් ඉරාජ් ගේ ගීතය ගැන මට කියන්ට තියෙන්නේ Well done Iraj කියලා තමයි.



Tell a Friend