ඉන්දීය සහයෙන් නැගෙනහිර කාන්තාවන් බලගැන්වීම.

මඩකලපුවේ වෙළද සහායක මද්යස්ථානයක් සහ ප්‍රජා ඉගෙනුම් මද්යස්ථානයක් ස්ථාපිත කිරීමට ඉන්දියාව මිලියන 203 ක මුදලක් ලබාදීමට නියමිතය.මේ මද්‍යස්ථාන පිහිටුවීමේ අරමුණ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ යුද්දය නිසා වැන්දබුවන් වූ කාන්තාවන්ට පිහිටවිමය. මැයි 31 අදාල ගිවිසුමට අත්සන් කෙරිණි. එයට පාර්ශවකරුවන් වුයේ ඉන්දීය ආණ්ඩුව, ශ්‍රී ලංකාව සහ සුයන් රැකියා ස්ථාපිත කරන කාන්තා සංවිදානයයි.( සේවා)

ශ්‍රී ලංකා ආණ්ඩුව අදාල ස්ථානය සහ අනෙකුත් දේශීය සහය ලබාදීමට නියමිතය. ඉන්දීය ආණ්ඩුව වෙනුවෙන් එහි විදායක නියෝජිතයා ලෙස "සේවා" කටයුතු කරන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ළමා සංවර්දන සහ කාන්තා කටයුතු අමාත්යංශය කටයුතු කරනු ලැබේ. වියාපෘතිය ආරම්බයේදී මඩකලපුවේ අන්ත දිලිදු සහ යුද්දයෙන් පිඩාවට පත් කාන්තාවන් 40 දෙනෙකු පුහුණු කිරීමට නියමිතය. ඔවුන්ව අනෙක් අය පුහුණු කිරීම සදහා පුහුණු කරනු ලැබේ. එය කරන්නේ ඉන්දියාවේ පුහුණු කරන්නන් පුහුණු කිරීමේ වැඩපිළිවෙලට අනුවය. එම පුහුණුව අවසානයේ සේවාහි උපදෙස් පරිදි ඔවුන් 800 දෙනෙකු පුහුණු කිරීමට නියමිතය.

මෙම කාන්තාවන් වුර්තිය පුහුණු විෂයන් කිහිපයක් සබන්දයෙන් පුහුණු කරනු ලැබේ. ඒවාට රෙදිපිළි, නිමි ඇදුම්, පරිගණක, වියාපාර සංවර්දන, කෘෂි ආහාර සැකසීම ඇතුලත් වේ. මේ වියාපෘතිය වසර දෙකකින් නිමා කිරීමට අදහස් කෙරේ.

ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීමේ කර්යේදී මෙවැනි වියපෘති අවශ්‍ය බව ඉන්දීය මහා කොමසාරිස් අශෝක් කේ. කාන්තා පැවසුවේය. ඔහු වැඩි දුරටත් කිවේ වියපෘතියේ මුක්ය අරමුණ කාන්තාවන් ආර්ථිකව බලගැන්වීම බවයි.

ඉන්දීය මහා කොමසාරිස්වරයා සන්ඩේ ලීඩර් වෙත කිවේ මෙම වියාපෘතිය නැගෙනහිර පමණක් ක්‍රියාත්මක වන බවයි. නමුත් එහි සාර්ථකත්වය මත රටවල් දෙක රටේ සෑම ප්‍රදේශයකටම එය විස්තාරණය කිරීමට අපේක්ෂා කරති.

සන්ඩේ ලීඩර් ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend