ඇෆ්ගනිස්තානයේ බෝම්බයක් පිපිරීමෙන් 6ක් මරුට

කිෂානි වැලිවිටිගොඩ

ඇෆ්ගනිස්තානයේ කොන්දුස් පළාතේ පොලක් අසල ඊයේ (24) , බයිසිකලයක අටවා තිබු බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් මිය ගිය අතර මිය ගිය අය අතර පොලිස් නිලධාරියෙකුද සිටි. පුද්ගලයන් 22 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

මෙම පිපිරීමට ගොදුරු වූ ඇතැම් අය බරපතල තත්වයේ පසු වන බැවින් මිය ගිය සංඛ්‍යාව ඉහල යා හැකි බව වාර්තා වේ.

කිසියම් පුදගලයෙක් හෝ කිසිම කණ්ඩායමක් විසින් මෙම බෝම්බ පිපිරීමේ වගකීම තවමත් භාර ගෙන නැති අතර පළාතේ පොලිස් අධිකාරිය චෝදනා එල්ල කරන්නේ තලෙයිබාන් සටන්කරුවන් වෙතටය. පසු ගිය මාස කිහිපය ඇතුලතදී ඇමෙරිකානු මෙහෙයුම් හා තලෙයිබාන් ප්‍රහාර නිසා ඇෆ්ගනිස්තානයේ සිය ගණනින් සිවිල් ජනයා මරු මුවට පත්ව ඇත.

Tell a Friend