කොළඹ ළඟදීම කුඩු යුද්දයක්

අමිල ගුණරත්න

ආණ්ඩුවේම දේශපාලඥයන් අතර ඇවිලෙන කුඩු යුද්දය නිසා මහින්ද චින්තනයේ මතට තිත සංකල්පය කුජීත වන බව උක්ත පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

කෝටි හතරක මත්කුඩු සමඟ "ලාලිත්‍ර" නැමැත්තා අත්අඩංගුවට පත් වීමත් සමගම ලංකාවට කුඩු ගෙන්වා බෙදාහරින ප්‍රබල දේශපාලකයන් දෙදෙනෙකු අතර උණුසුම් යුද්දයක් හටගෙන ඇත. කාලයක් පටන් මෙම දෙදෙනා අතර තිබු කුඩු තරඟයේ ප්‍රතිපලයක් ලෙස එක පාර්ශවයක් දුන් ඔත්තුවක් නිසා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 122 ක්‌ සමඟ මාලිගාවත්ත ප්‍රදේශයේ මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ‘කුඩු ලාලිත්‍ර’ කොටු විය. මිට කලින් අනෙක් පාර්ශවයේ ඔත්තුවක් නිසා ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවට පැන එහි අධ්‍යක්ෂකවරකුට පහර දුන් කුඩු නුවන් නැමැත්තා කොටු විය. නමුත් ඔහුගේ අනුග්‍රාහක වූ කැලණිය ප්‍රදේශයේ මැර දේශපාලඥයෙකු කුඩු නුවන්ව සුරක්ෂිතව එංගලන්තයට පිටත් කරන ලදී. එක්සත් ජාතික පක්ෂයේ සිට පිල් මාරු කල රජයේ එක්‌තරා තරුණ මන්ත්‍රීවරයකු සහ කැලණිය ප්‍රදේශයේ මැර දේශපාලඥයා අතර පවතින කුඩු තරගය නිසා ළඟදීම පාතාලයේ ඝාතන කීපයක් විය හැකි බව පොලිසියේ උසස් නිලධාරියෙකු අපට ප්‍රකාශ කරන ලදී. ‘කුඩු ලාලිත්‍ර’ කොටුවීමත් සමගම ජාතික ආරක්ෂක අමාත්යංශයේ ද අධීක්ෂණ මන්ත්‍රීධුරයක් දරන තරුණ මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට දිගින් දිගට දුරකථනයෙන් කතා කරමින් අත්අඩංගුවට ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අහිංසකයකු බව කියමින් ඔහු මුදාහරින ලෙස බලපෑම් එල්ලකර ඇත. තමාගේ කුඩු වියාපාරයේ දකුණු අත බඳු වූ ලාලිත්‍ර’අත්අඩංගුවට පත් වීම නිසා ඉදිරි කාලයේ කැලණියේ කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු පරලොව යාමට හෝ අත්අඩංගුවට පත් වීමට නියමිතය.

Tell a Friend