දිනමිණ පුවත්පතේත් එලොවින් ආ ජීවකයන්

අමිල ගුණරත්න

2011 ජුනි 21 දිනමිණ පුවත් පතේ ජීවනී පතිරණ වාර්තා කරන අන්දමට ආයුර්වේද ප්‍රතිකාර මගින් පියයුරු පිළිකාවක් සම්පූර්ණයෙන් සුවපත් කිරීමට ලුනාව ආයුර්වේද රෝහලට හැකි වී තිබේ. මේසේ කියන්නේ කිසිදු විද්‍යාත්මක අධ්‍යනයක් නොකර බව සැබෑය. මීට පෙරද පුවත්පත් වාර්තාකරුවන් විසින් එලොවින් ආ ජීවකයන් ගැන පිලිකා සුව කරන විශ්මිත වෙදුන් ගැන කිසිදු විද්‍යානුකුල නොවූ හුදු අතාර්කික ජනප්‍රිය පුවත් පල කරන ලදී. මෙම පුවත් පල කිරීමෙන් පසුව තොග ගන්නේ අසරණ රෝගීන් එම මද්‍යස්ථාන වලට ගලාගෙන ඒමද එමගින් එලොවින් ආ ජීවකයන්ට මුදල් උපායා ගැනීමටද හැකි විය. එසේම මෙම ජීවකයන් විසින් අදාල පුවත්පත් වාර්තාකරුවන්ගේ සාක්කුවලටද මුදල් විසි කරන ලදී. මෙලෙස ඉතා නින්දිත ලෙස මාධ්‍ය භාවිතා කරමින් ඉරිදා ලංකාදීප පුවත්පත හරහා නන්දසේන සුරියආරච්චි නම් කුලියට ගත් ලියන්නෙකු විසින් කැලුම් වීරසිංහ නම් හොර සල්ලි පලහිලව්වකට ඉන්දියාවේ ද සිරගතව සිටි වංචනිකයා එලොවින් ආ ජීවකයෙකු බවට පත් කරන ලදී. මෙම දෙපොල මෙකී හොර වියාපාරයෙන් යහමින් මුදල් රැස් කළහ. අවසානයේදී දෙදෙනාගේම පැටිකිරිය හෙළි විය. නමුත් බොහෝ රෝගීන් එමගින් අතරමන් වුහ. එම නිසා වගකිවයුතු පුවත්පත් මෙවැනි ලාභ ජනප්‍රියතාව පසුපස නොයා තර්කනුකුලාව කරුණු සොයා බලා කරුණු වාර්තා කරන්නේ නම් මැනවි.

Tell a Friend