පකිස්ථානයේ ප්‍රදාන පෙලේ හමුදා නිලදාරියකු අත්අඩංගුවට ගැනේ.


අත්අඩංගුවට පත්වූ බ්‍රිගේඩියර් අලි කාන් තහනම් කණ්ඩායමක් වූ හිස් උල් ටහීර් සමග සබදතා පැවැත්වූ බව පැවසේ.

මෙම රැඩිකල් දේශපාලන කණ්ඩායම මුස්ලිම් ලෝකය සදහා එක ඉස්ලාම් නායකයකු බිහි කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

බ්‍ර්තාන්‍ය තුල ක්‍රියාකාරී වන මෙම කණ්ඩායම බලයේ සිටින ආණ්ඩු පෙරලා දැමීමට කටයුතු කිරීම නිසා මුස්ලිම් රටවල් ගණනාවක තහනම් කර ඇත.

කෙසේනමුත් දශකයක කාලයක් තුල පකිස්ථානයේ අත්අඩංගුවට පත්වූ ඉහල පෙලේ හමුදා නිලදාරිය කාන් වේ.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා



Tell a Friend