පොලිස් වදහිංසා පිළිබද සිද්දි 323 ක් ඇතුලත් වාර්තාවක්.

හර්ෂි සි. පෙරේරා
හොන්කොන්හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම් ශ්‍රී ලංකා පොලිසිය වදහිංසා පැමිණවීම සහ අවමන් සහගත සැලකිලි පිළිබද සිද්දීන් 1500 ක් ලේකනගත ගත කර ඇති අතර එයින් සිද්දි 323 ක් ඇතුලත් වාර්තාවක් පිළියෙළ කොට ඇත.

මෙම ඉදිරිපත්කිරීමට ප්‍රතිපත්ති සහ වැඩසටහන් අද්යක්ෂක බැසිල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ පොලිස් වදහිංසා ඇතිවන්නේ ඇයිද කියන කාරණය සහ පොලිසියේ අබ්යන්තර පාලනය බිදවැටීම ගැන තම අදහස් එකතු කර ඇත.

ප්‍රනාන්දු මහතා විස්තර කරන ආකාරයට 1994 අංක 22 දරන වදහිංසා වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නැත. තවද පුරවැසියන්ට පැමිණිලි කිරීමේ විශ්වසනීය යාන්ත්‍රණයක් මෙන්ම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නීතියක්ද නැත. නිතිය මත පදනම් නොවූ පොලිස් ක්‍රියාදාමයේ ප්‍රතිපල ලෙස නීතියෙන් පරිබාහිර ක්‍රම මගින් අපරාද පාලනය සිදු වේ. එනම් වදහිංසා පැමිණවීම අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදු කරන මරා දැමීම බාවිතයට ගැනේ.

ප්‍රනාන්දු මහතා පවසන ආකාරයට වදහිංසාව පුළුල්ව වියාප්ත වීම පිළිබද ගැටලුව 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව මගින් නිර්මාණය කල නිතිය නොමැතිකම යන බරපතල අර්බුදයේම රෝග කාරකයකි.


Tell a Friend