ලිබියාවේ ඇති ඓතිහාසික ලෝක උරුමයක්‌ වූ රෝම පුරාවස්‌තුවලට ද බෝම්බ දමා විනාශ කරන බව නේටෝ සංවිධානය පවසයි

අමිල ගුණරත්න

ලිබියාවේ ඇති ඓතිහාසික ලෝක උරුමයක්‌ වූ රෝම පුරාවස්‌තු ඇති ප්‍රදේශයේ ලිබියානු නායකයා අවි ආයුධ සැඟවීමට ක්‍රියා කළහොත් එකී ස්‌ථානවලට ප්‍රහාර එල්ල කරන බව නේටෝ සංවිධානය දන්වා ඇත. ලිබියාවේ ඇති ඓතිහාසික ලෝක උරුමයක්‌ වූ රෝම පුරාවස්‌තුවලට ද බෝම්බ දමා විනාශ කරන බව නේටෝ සංවිධානය පැවසීමෙන් පෙනී යන්නේ දීර්ග ඉතිහාසයක් නොමැති ඇමරිකාව වසර දහස් ගණනක ශිෂ්ටාචාරයක් හිමි රටවල් කෙරෙහි දක්වන්න ඉර්ෂියා සහහගත කුහක පිළිවෙතයි. යුනෙස්‌කෝ සංවිධානය විසින් ලෝක උරුමයක්‌ ලෙස නම් කර ලිබියාවේ ලෙප්ටිස්‌ මැක්‌නා නමැති ස්‌ථානය අසල ප්‍රදේශයකට ද නේටෝ ප්‍රහාර එල්ල වී ඇත. මෙවැනි ක්‍රියාවල් සංස්කෘතික සංහාර (Cultural Genocide) ගණයට වැටේ. ඇමරිකන් හමුදාව ඉරාකය ආක්‍රමණය කල අවස්ථාවේදී ඉරාකයේ පුරාවස්තු සංහාරයක්ද කරන ලදී. එම සංහාරය නිසා ඉපැරණි හැමුරාබිගේ නීති එලකයක්ද අස්ථානගත විය.
Tell a Friend