රාජපක්සගේ අවසානයේ ආරම්බය සලකුණු කිරීමෙන් පසු..........

හර්ෂි සි. පෙරේරා

වසර 18 කට පසු සිදුවූ විශේෂ ජ්‍යොතිෂ්‍ය ග‍්‍රහ මාරුවක් පෙරේදා (ජුනි 6*) සිදුවුණා. එම ග‍්‍රහමාරුව නිසා ලංකා කේන්ද්‍රයේ දසවැන්න දුර්වල වන බවත් රජයට නොයෙක් ප‍්‍රශ්නවලට අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත් ජ්‍යොතිෂවේදීන් පෙන්වා දෙනවා.

රාජපක්ස ආණ්ඩුවේ සමාරම්බක එරෂ්ටක ග්‍රහ මාරුව සිදුවුයේ කටුනායක විරෝදතාවේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමත් එහිදී රොෂේන් චානක ජිවිතක්ෂයට පත්වීමත් සමගය.

අද රාජපක්ස ආණ්ඩුව දරුස්මන් වාර්තාවට විරෝදය පල කරමින් අත්සන් මිලියනයක පෙත්සමක් බාර දෙන ලදී. මෙමගින් පැහැදිලි වන්නේ ආණ්ඩුවට දරුස්මන් කෙරෙහි ඇති බිතියයි. ඒවගේම ඉන්දියාවේ 1992 දී කොටි සංවිදානය තහනම් කිරීමට ප්‍රමුක කර්යබරයක් කල රජිවූ ගාන්දි මරා දැමීම පිලිබදව ප්‍රබාකරන් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට බාර දෙන්නයි එදා මද්යම ආණ්ඩුවට කි ජයලලිතා බුමිකාව අද රාජපක්සට එරෙහි වී ඇත. ජයලලිතාගේ ප්‍රමුකත්වයෙන් ලක් රජයට එරෙහිව ආර්ථික සම්බාදක පනවන්නැයි යෝජනාවක් සම්මත වී ඇත.

මේ දිනවල පවතින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීම වලදී ලක් රජයේ යුද අපරාද සනාථ කරන වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කර තිබේ.

රටේ විශ්ව විද්‍යාල අර්බුදය උග්‍ර වෙමින් පවතී. සරසවි ආචාර්යවරු තම වැටුප් වැඩි කරන්නයි ආණ්ඩුවට දැඩිව කියා සිටිති. සරසවි සිසු නායක පුහුණුව බහුතරයේ අප්‍රසාදයට ලක්වී ඇත. මේ අතර ජයවර්දන පුර සරසවියේ ශිෂ්‍යාවන් 20 දෙනෙකුගේ ශිෂ්‍යබාවය එහි උපකුලපතිවරයා විසින් තාවකාලිකව තහනම් කර ඇත. රටේ උසස් අද්යාපන ඇමති බාහිර උපාදිදරින් හදුන්වන්නේ කාලකන්නි පිරිසක් ලෙසයි.

අදට මද්යාවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර දින 500 කි. රටපුරා සිදුවන වදහිංසාව, බොරු නඩු දැමීම යන බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන් ගැන ආණ්ඩුවේ සලකා බැලීමක් හෝ තැකීමක් නැත.

බඩු මිල අහස උසට නැග ඇත. හෙට අනිද්දා බස් ගාස්තුවද 10% කින් ඉහල යන බව පැවසේ. රටේ විවිද ප්‍රදේශ වලින් බිලිදුන් ගාතනය කිරීමේ සිද්දි ගණනාවක් වාර්තා විය. එක් මවක් කියා තිබුනේ කන්න දිය නොහැකි නිසා මරා දැමු බවයි.

යුද්දය ජයගත් සැටි ලෝකයට සම්මන්ත්‍රණ පවත්වන රටේ එයට නායකත්වය දුන් රණවිරුවා කියන දේ බලන්න..........අද සුදු කොඩි නඩු විභාගය සඳහා පැමිණි සරත් ෆොන්සේකා මහතාට වර්ෂාව මැද්දේ තෙමෙමින් අධිකරණය වෙත යාමට සිදුවිය. ඔහුව ආවරණය සඳහා සහයට ආ කිසිවෙකු කුඩයක් හෝ පිරි නැමුවේ නැත.
"අපේ රටට දේව ශාපයක් ඇති වෙලා ශාපය නැතිවනතුරු මේ කරදර ඇතිවෙනවා යයි "කියමින් ඔහු අධිකරණයට ගිය බවද වාර්තාවේ.

රොෂේන් චානක අවසානයේ ආරම්බය සලකුණු කිරීමෙන් පසු ග්‍රහ තාරකා ඇතුළු සුවබාවදර්මය එය ඉදිරියට රැගෙන යන අයුරු ඇසීමට හා දැකීමට තිබේ.









Tell a Friend