කුඩු කාරයින්ට කුඩු කාරයින් යයි නොකියා.......

හර්ෂි සි. පෙරේරා 
"ඊයේ කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයකදී කතාවක් පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා තමන් කුඩු කාරයෙක් යයි වැරදි අදහසක් තිබෙන බවත් තමාට මැර පිරිස් නැති බවත් ප‍්‍රකාශ කළ අතර සරත් ෆොන්සේකා කර තිබූ අභියෝගයකටද පිළිතුරු දුන්නේය."

"ඔහු කිවු දේ මෙසේය ‘මේ රටේ පැල්පතේ ජිවත්වන ජනතාව මේ පාරට බැහැලා රජය ශක්තිමත් කරන්න මේ රට බේරලා දීපු නායකයා වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනකොට අද ඒ අයව පේන්නේ කුඩු කාරයෝයි, ගංජා කාරයොයි, මංකොල්ලකාරයො විදියට පොලූ ටිකක් අරගෙන මාධ්‍යට පිංතූර දැම්මා කියලා ඒකට අපිව වට්ටන්න හම්බවෙන්නෙ නැහැ. පොලූ ගෙනාවෙ බැනර් අලවන්න. අපිට ගහන්න ආවනම් ගහනවා."

තමන්ට එරෙහි ස්ත්‍රී චෝදනා ඉල්ලා අස්කර ගත්තේ මහින්දගේ ආණ්ඩුවේ නිතිපතිවරයයි. එනිසා මහින්ද රැකිම පිණිස දුමින්දට ඕනෑම දෙයක් කිරීමට හැකිවිය යුතුය.

ඉහත දුමින්දගේ ප්‍රකාශය සිහි ගන්වන්නේ කුඩු කාරයින්වමය. තවද මෙරට මැර දේශපාලනය ක්‍රයාත්මක වන බවට ඉහත ප්‍රකාශය කදිම නිදසුනකි. පොලු අරගෙන ආණ්ඩුවේ දේශපාලකයකුගේ අදාරකරුවන් පාරට බහින්නේ බැනර් ඇලවිමටද නැද්ද යන්න මෙරට බුද්දිමත් ජනතාව තීරණය කරනු ඇත.





Tell a Friend