එම්. එෆ්. හුසේන් මිය යයි - ඉන්දියානු පිකාසෝ

කිෂානි වැලිවිටිගොඩ

නුතන ඉන්දියානු චිත්‍ර කලාවේ පුරෝගාමියෙකු වූ "ඉන්දියානු පිකාසෝ" ලෙසින් විරුදාවලියට පත් එම. එෆ්. හුසේන් හර්ධබාදයකින් පසු ලන්ඩනයේ පිහිටි රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 95 වියේ පසු විය.

2006 දී ඔහුට මරණ තර්ජන එල්ල නිසා ඔහු ඉන්දියාවෙන් පැමිණ ලන්ඩනයේ හා කටාර් හි ජීවත් විය. ඔහුට කටාර්හි පුරවැසිභාවය ලැබිණ.

1915 දී සැප්තැමබර් 17 වන දින මහරස්ත්රාහී පාන්ද්දපුර් හිදී උපත ලැබූ හුසේන්ට අවුරුදු එක හමාරක් පමණ වන විට ඔහුගේ මව මිය ගියේය. ඔහුගේ පියාගේ දෙවැනි විවාහයෙන් පසු ඔවුන් ඉන්දෝර් හි ජීවත් විය. පසු කාලෙක බොම්බේ නමින් හැඳින්වූ මේ නගරයේ පිහිටි සර් ජේ ජේ කල පාසලට ඇතුලත් විය. එවකට තරුණ කළා කරුවකු ඔහු විසින් ඉන්දියානු සිනමා පුවරු නිරමානකරන්යේ නියැලී සිටි නිසා 1940 දී කාගේත් අවධානයට ලක් විය.
1950 දී සුරිච් හි දී හුසේන් තම ස්වයං සිතුවම් නිර්මාණ ප්‍රදර්ශනයක් පැවත්වීම මගින් අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් විය. 1955 දී රජය විසින් හුසේන්ට පද්ම ශ්‍රී ගෞරව නාමය පිළිගැන්විය. 1967 දී හුසේන් තම සිනමාව පිළිබඳව පර්යේෂණ කරමින් තම ප්‍රථම සිනමා නිර්මාණය වන" ත්රු ද අයිස් ඔෆ් අ පේන්ටර් " නිපද විය. බර්ලින් සිනමා උත්සවයේදී ප්‍රදර්ශනය වූ අතර එයට රන් සම්මානය හිමි විය.

Tell a Friend