දියණිය කෙලෙසූ පියා රක්‍ෂිතයට

ආරියසෝම නාගොඩ විතාන

තමාගේම පසළොස්‌ හැවිරිදි දියණියට කාමාපරාධයක්‌ කළ බවට චෝදනා කොට හිනිදුම පොලිසිය ඉකුත් 23 දා උඩුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ දරුවන් හය දෙනෙකුගේ පියකු වන පුද්ගලයකු ජුනි 09 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේශර සමරදිවාකර මහතා නියෝග කළේය.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඕපාත, තලංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සංගාරච්චිගේ සිරිසේන පෙරේරා (47) නමැත්තෙකි.

හිනිදුම පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. සනත් රංජිත් ලියනගේ මහතා සැරයන් සිරිල් මහතා සමඟ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

Tell a Friend