කතු වැකිය
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පැවති උද්ඝෝෂණයට පොලිසිය විසින් ජීව උණ්ඩ භාවිත කොට වෙඩි තැබීම ගැන මේ වන විට පොලිසියට චෝදනා එල්ල වෙමින් තිබේ. ශ්‍රී ලංකා පොලිසිය ගැන ගුණ ගැයීම අපේ අරමුණ නොවේ. සැබවින්ම ලංකාවේ පොලිස් සේවය වූ කලී පවතින දුෂිතම සහ භයානකම ආයතන වලින් එකකි. පොලීසය තුළ සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා වල කිසිඳු සීමාවක් නොමැති අතර ඒ පිළිබඳව ලංකා ගාර්ඩියන් දිනපතාම පාහේ පසුගිය කාලය තුලදී හෙළි කොට ඇත්තෙමු. පොලිසියේ සාධනීය වෙනස් කමක් සිදු විය යුතුය. නමුත් කටුනායක ප්‍රහාරයට පොලිසියට පමණක් චෝදනා කිරීම යුක්ති සහගත නොවේ.
ඒ සඳහා සම්පුර්නයෙන්ම වග කිව යුත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ ඔහුගේ දුෂිත ඇමති මණ්ඩලයය. ලාංකික දේශපාලනඥයා වූ කලී ජනතාවගේ ශාපයට පහල වූ මිනිස් විෂයන් වේ. ඔවුන්ගේ අන්ත දුෂිත සහ ප්‍රෝඩාකාරී පිළිකුල් සහගත වැඩපිළිවෙල හේතුවෙන් මේ රට මෙතරම් නිවට සහ ණයකාර වී ඇත. මොවුන්ට පමණක් නොව මොවුන්ගේ දු දරුවන්ට පවා දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දිය යුතුමය. අදාළ ප්‍රහාරය සිදු වූයේ එම ප්‍රදේශයේ කලක් චන්ඩියෙකු ලෙස ප්‍රසිද්ධව සිට පසුව ඇමති ධූරයක් ලබා ගත් සරත් ගුණරත්න විසින් අදාළ උද්ඝෝෂණය සාර්ථකව අවසාන කළ බවත් යළිත් එවැනි උද්ඝෝෂණයක් සිදු නොවන බවත් මාධ්‍යට ප්‍රකාශ කිරීමෙන් සුළු මොහොතකට පසුය. එසේම ගාමිණී ලොකුගේ ඇතුළු අර්බුධය සම්බන්ධයෙන් වග කිව යුතු අයවලුන් පැවැත්වූ " සුහද " හමුවෙන් දිනකට පසුය. එහිදී ඊට සේවකයන්ගේ පැත්තෙන් සභාගී වූ කනතාවන් කිහිප දෙනෙක්ම අදාළ සළු පිරි පටලවාගෙන සිටි දේශපාලනඥයින්ට මුත්‍රා පිටවෙන ආකාරයෙන් කතා කළේය. ඔවුහු නිරුත්තර විය. සැබවින්ම අදාල විශ්‍රාම වැටුප් ක්‍රමය වූ කලි රටේ අස්සක් මුල්ලක් නෑරම හූරා කෑමෙන් පසු හිඟන්නාගේ පත්තරෙත් බිඳීම හා සමාන කටයුතතකි. රාජපක්ෂ මිනි මැරීමෙන් ඔබ්බට ගිය සැබෑ පාලනයක් ගැන දන්නා අයෙක් නොවන බව දැන් පැහැදිලිය. මෙවැනි කටයුතක් කිරීමට රටේ රාජපක්ෂට හෝ වෙනත් කිසිම හොර තක්කඩියෙකුට අයිතියක් කොහෙත්ම නැත. අපි දන්නා පරිදි මෙම වංචාව හඳුන්වා දීම සඳහා රාජපක්ෂ කරලිට දමා ඇති සියලුම දෙනාද හොරුන්ය. අඩු තරමින් කටුනායක අර්බුධයට විසඳුම් සෙවීම සඳහා එහි ගිය පළාත් මට්ටමේ දේශපාලනඥයෙකු වූ නිමල් ලන්සා නැමැත්තාද මීගමුවේ මාළු වෙළඳාම කරන ස්ථානයේ වෙළඳාම කරන අහිංසකයින්ගෙන් කප්පන් ගන්නා හොරෙකි.
මේ අනුව අදාළ ප්‍රහාරයට වෙඩි තැබීම සම්බන්ධයෙන් වග කිව යුත්තේ වෙඩි තැබීම සිදු කළ නිලධාරියා නොව ඊට අණදුන් රාජපක්ෂ ආණ්ඩුවයි. පසුගිය කාලය පුරාම ආණ්ඩුව උද්ඝෝෂන වලට ඇති ඉඩ අහිමි කළේය. ජීව උණ්ඩ දමා වෙඩි තැබීම වූකලී මර්ධනයේ දිගු වීමක් මිස එය අලුත් දෙයක් නොවේ. එබැවින් මාධ්‍ය ඉදිරියට පැමිණ පොලිසියට චෝදනා කරන ආණ්ඩුවේ සිටින කටු කන සුනඛයින් වන විමල් වීරවංස හෝ වෙනත් අයවලුන් මෙවර ලකුණු දමා ගැනීමට කරන ප්‍රකාශ බුලත් විටක් විකීමේදී සිදු කරන කෙල විසි කිරීම හා සමාන වන අකාරයෙන් ඉවත් කළ යුතේය.
එසේම සියලුම ජනතාව මෙම ආණ්ඩුවේ ප්‍රෝඩාකාරී වංචාවට විරුද්ධව පෙළ ගැසිය යුතුය. මුළු රටම මිලිටරි කරණයකට යටත් කිරීමට මාන බලා බුදු හාමුදුරුවන්ගේ ලේ ඥාතීන් ( සභාවේ හිනා .... ) වීමට උත්සහ කරන මෙකි මිනිමස් කන මිලේච්ච නායකත්වයට එරෙහිව තමන්ගේ මුලික අයිතීන් ගැන සලකා විදී බැසීමට කාලය එළඹී ඇත. මේ නිසා තමන්ගේ කපටි කමට පොලිසියට චෝදනා එල්ල කරන මිලේච්චයින් සියල්ලටම ප්‍රභල විරෝධයක පල කළ යුතුව ඇත. එය එසේ නොවුන හොත් ඔක්කොම කුණු බෙරේ වැවට මෙන් අදාළ ප්‍රහාරයට සහභාගී වූ පොලිසියේ සුළු නිලධාරින් කිහිප දීනෙකුගේ වැඩ තහනම් කොට අපි යුක්තිය විසඳුවා යයි කීමට මෙකී සල්ලාල මිලේච්ච මහත්තුරු ටික කට අරගෙන බලාගෙන සිටිනවා ඇත.

Post a Comment