රටේ මරමස්ථානයක වැසිකිලියේ රුපියල් ලක්ෂ 71 ක් !

හර්ෂි සි. පෙරේරා
කටුනායක ගුවන්තොටුපළේ පිරිසිදු කරන කටයුතුවල නිරතව සිටින සේවකයෙකු ගුවන් තොටුපොලේ වැසිකිළියක සඟවා තිබේ. රුපියල් ලක්ෂ 71ක් වටිනා විදේශ මුදල් තොගයක් සොයාගත් බව රේගුව කියයි.

එයින් ලක්ෂ 36ක් පිරිසිදු කරන්නකුගේ සපත්තුවල සඟවා තිබිණි. ඔහු ළඟ තිබී යූරෝ, යෙන්, ඔස්ට්‍රේලියානු ඩොලර් ආදී විදේශ මුදල් වර්ග ගණනාවක නෝට්ටු සොයාගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපල රටේ මරමස්ථාන වලින් එකකි. රටට නීතිවිරෝදී දේ ගෙන එම රටින් පිටටතට නීතිවිරෝදී දේ රැගෙන යාම පරීක්ෂා වට ලක්කෙරෙන ප්‍රදාන ස්ථාන වලින් එකකි කටුනායක ගුවන්තොටුපල. මෙම පරික්ෂාව රේගුව මගින් සිදු කෙරේ.

ආරක්ෂක අන්ස සහ රේගුවේ පරික්ෂාව ඉතා දැඩිව ගුවතොටුපලේ ක්‍රියාත්මක වේ. මෑතකදී සිරගතව සිටින සරත් පොන්සේකා මහතාගේ දියණියද රදවා ගෙන පරීක්ෂා කෙරිණි. මෙවැනි ආරක්ෂක විදි විදාන රටේ ජනයා සහ විදේශ ජනයා සම්බන්දයෙන් අනුගමනය කරන ස්ථානයක පහල සේවකයෙක් මෙවැනි අපරාදයක නිරත වන්නේ කෙසේද? මෙය ඒ සේවකයා පමණක් සම්බන්දවුවක් විය නොහැක.

පොලිසිය ගැන ජනතාවට විශ්වාසයක් නැත. මේ තත්වය ඉතා නුදුරේදීම රේගුව ඇතුළු සෙසු ආරක්ෂක අන්ස සම්බන්දයෙන් යථාර්තයක් වනු ඇත.





Tell a Friend