ලෙඩ්ඩුන්ගෙන් රුපියල් 20 ක් ගසා කන්න යයි.

හර්ෂි සි. පෙරේරා
ආණ්ඩුවේ වයිද්‍ය නිලදාරියකු ඊයේ අපුරු යෝජනාවක් කළේය. ඒ රජයේ රෝහල් වල බාහිර රෝගී අන්ස වලින් බෙහෙත් ගන්නා රෝගියකුගෙන් රුපියල් 20 ක් අය කිරීමය. මිට හේතු ලෙස දක්වන්නේ ඔවුෂද අපතේයාම සහ අනවශ්‍ය ලෙස වෛද්‍ය ප්‍රතිකාර ගැනීමයි.

මේ යෝජනාවේ විසුළු සහගත බව වන්නේ ඉස්පිරිතාලේ පරසේටමෝල් පෙත්තේ සිට ඉන්ජක්ෂන් කටුව දක්වා හොරෙන් අරන්ගොස් පවුද්ගලික පාමසි සහ පවුද්ගලික දිස්පෙන්සරි වල විකුනන්නේ කවුදැයි මේ වෛද්‍ය නිලදාරියා නොදැන සිටීමයි.

රජයේ රෝහල් වල දේශපාලනඥයින්ට පොලිස්කාරයින්ට ගැතිකම් කරන වයිද්‍යවරු එමටය. වසර කිහිපයකට උඩදී වයිද්‍ය පියසොමගේ රාජකාරි වසර තුනකට තහනම් කලේ පොලිස් වදහින්සාවට පාත්‍ර වූ වින්දිතයකුට වැරදි වාර්තාවක් ලබාදීම වෛද්‍ය මණ්ඩලයේදී ඔප්පු වූ බැවිනි.

අහිංසක ලෙඩ්ඩුන්ගෙන් රුපියල් 20 ගසා කෑමට පෙර තම සහෝදර වෛද්‍ය වුර්තිකයින් කරන නීතිවිරෝදී ක්‍රියා මුලුනුපුටා දැමීමට බැරිනම් එය අවම කිරීමට කටයුතු කරන්නයි අප මෙම වයිද්‍ය නිලදාරියට සහ වෛද්‍ය වන්නිනායකට අවදාරණය කරමු.




Tell a Friend