මව්බිම පත්තරේ අගෝස්තු 07 වැනිදා යළිත් එලියට

අරමුණ රනිල්ට පහරදීම සහ සජිත් සහ ජනරාල් පිම්බීමයි

ජාතික පුවත් වල මධ්‍යවේදීන් රැසක් එකතු වීමට නියමිතයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් වසා දමනු ලැබූ මවිමිබ පුවත්පත යළිත් අගෝස්තු 07 වනදා එළිදැක්වීමට නියමිත බව ලංකා ගාර්ඩියන් ආරංචි මාර්ග මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ටිරාන් අලස් මහතා හිමිකරු වන අදාළ ආයතනය මඟින් සතිපතා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් පුවත් පත් දෙකක් ප්‍රසිද්ධ කළ අතර පසුව 2007 වර්ෂයේදී අදාළ ආයතනය රාජපක්ෂ ආණ්ඩුව විසින් වසා දැමීමට තීරණය කරනු ලැබීය. ඊට හේතුව වූයේ අදාළ පුවත්පත් කොටි සංවිධානයට හිතවත් බවට චෝදනා නැගීමය. එසේම එම පුවත් පතේ සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම ආණ්ඩුවේ හිරිහැරවල මුහුණ දීමට සිදු විය. විසේශයෙන් මේ වනවිට විදේශ රටක සරණාගතයෙකු වශයෙන් ජීවත් වන මුනුසාමි පරමෙෂවරී මහත්මිය සිර භාරයට පත් කරනු ලැබීය . ඇගේ දෙමාපියන් ජීවත් වෙන නිවසට ආණ්ඩුවට හිතවත් පිරිස් විසින් ගල් මුල් ප්‍රහාර එල්ල කරනු ලැබීය. කෙසේ වෙතත් පුවත්පත් දෙකම වසා දමා තිබියදී පවා එම ආයතනයේ සේවය කළ මාධ්‍යවේදීන්ට වසරකට වැඩි කාලයක් තිස්සේ වැටුප් ලබා දීමට ටිරාන් අලස් මහතා කටයුතු කළේය.

අදාළ පුවත් පත් වසා දැමීමට පෙර අදාල ආයතනය තුළද වෙනස් කම් රැසක් සිදු විය. එහි ආසන්නතම සිදුවීම වූයේ අදාළ ආයතනය සඳහා නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සාමාන්‍යධිකාරි ලෙස ගෙන ඒමයි. ඔහු තම ධූරයේ වැඩ භාරගෙන පැය 24 කට පෙර ආයතනයේ ඉංග්‍රීසි පුවත් පතේ කතුවරයින් සමඟ ගැටුමක් ඇති කර ගත්තේය. එය හිතා මතාම ඇති කළ එකක් වූ අතර එහි ප්‍රතිපලය වූයේ එහි කතුවරයා සිටි රොහාන් අබේගුණවර්ධන මහතා සේවයෙන් පන්නා දැමීමය. රොහාන් මහතා ඉන්පසු, "ද නේෂන්" පුවත්පත සමඟ එකතු විය. නේෂන් පුවත්පතේ "ද ෆයරින් ලයින්" නමැති තීරු ලිපිය ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එහි අවස්ථා කිහිපයකදී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියද දැඩි ලෙස කිසිඳු පදනමකින් තොරව විවේචනයට කළ විය.

වසර හතරකට පසු යළිත් ටිරාන් අලස් මහතා විසින් තම පුවත්පත් දෙක ආරම්භ කිරීමට නියමිතය. එහිදී ඉංග්‍රීසි පුවත්පතේ නම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැත. නමුත් අදාළ පුවත් පත් සඳහා අවශ්‍ය මාධවේදීන් ගැන මේ වන විටත් එකඟ වී ඇත. ඒ අනුව කතෘ මණ්ඩල අධ්‍යක්ෂක සහ ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන කතුවරයා වශයෙන් ලලිත් අලහකෝන් මහතා තෝරා ගෙන ඇත. සිංහල පුවත්පතේ එනම් මව්බිම හී කතුවරයා ලෙස දිනපතා ජාතික පුවත්පතක මාධවේදියෙකු තෝරා ගෙන ඇති අතර සිංහල පුවත්පත ලංකාදීප මොඩලය අනුගමනය කිරීමට තීරණය කොට ඇත. විශේෂයෙන් රාජපක්ෂ පවුලට පහර නොදීමට සහා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තොරතුරු නොදැක්වීම එහි අරමුණ වේ.

එසේම ලංකා නිව්ස් හී සේවය කළ පසුව ඉන් ඉවත් වූ බෙනට් රූපසිංහ සහ එහි කටයුතු කළ කිහිප දෙනෙකුද සිංහල පුවත් පතට එකතු වීමට නියමිතය. මේ වන විට ලංකා ඊ නිව්ස් , සඳරුවන් සේනාධීර මහතා විසින් තනිවම කරගෙන යනු ලබන වෙබ් අඩවියක් බවට පත් වී තිබේ. ඔහු සමඟ සිටි අනෙක් කණ්ඩායමේ අයවලුන් තමන් සහ ඊ නිව්ස් ප්‍රතිපත්තීන් පාවා දුන් බවටට්ද චෝදනා එල්ල වී තිබේ.

මේ අතර මවිබුම පුවත් පතේ උපදේශකයෙකු ලෙස උපුල් ජෝශප් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතය. එසේම ඉරුරැස නමැති ලීඩර් ආයතනය විසින් ප්‍රසිද්ධ කරනු ලබන සති අන්ත පුවපතේ කතුවරයා වන මොහාන් ලාල් පියදාස සහ එහි සේවය කරන කපිල පුංචිමාන යන මහත්වරුන්ද මව්බිම පුවත් පතට එකතු වීමට කැමැත්ත පල කොට ඇත්තේ ලීඩර් ආයතනයේ කළමනාකරිත්වයද දැඩිව විවේචනයට ලක් කරමිනි. සුපුරුදු පරිදි ආයතනයේ කලමනාකර ධූරයට නලින් ලද්දුවහෙට්ටි පත් කොට ඇත. මේ වන විට අදාළ ආයතනය සඳහා වන කාර්යාලය පිහිටුවීමට ලක්ෂ 2.5 ක මාසික කුලී පදනම යටතේ නුගේගොඩින් ගොඩනැගිල්ලක් මිලදී ගෙන ඇත. පුවත්පතේ සම්බන්ධීකරණ කටයුතු පසිගිය ජනාධිපතිවරණදේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ටිරාන් අලස් මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සනත් පින්නදූව මහත් වෙත පවරා ඇත.

එළඹෙන අගෝස්තු 07 වැනිදා එළි දැක්වීමට නියමිත මවිබිම පුවත් පතේ මුලික දේශපාලන න්‍යාය වනු ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සහ ජනරාල් සරත් ෆොන්සේකා මහතා වර්ණනා කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට පහරදීම බව වාර්තා වේ. "රනිල්ට කුඩු වෙන්න ගහන්න ඔනෑ," යැයි එහි කළමනාකාරිත්වය ප්‍රකාශ කොට ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපි ලලිත් අලහකෝන් මහතා සම්බන්ධ කිරීමට ගත් උත්සයහ ව්‍යර්ථ විය.

Tell a Friend