මැරුණත් දනින් වැටෙන්නේ නැහැ - ගඩාෆි යලි අවධාරණය කරයි

ජීවත් වුනත් මැරුණත අපි අපගේ භූමිය ඇත නොහරින්නෙමු යයි ලිබියානු නායක කර්නල් ගඩාෆි අද දිනයේදී නේටෝ සංවිධානය විසින් එල්ල කළ ප්‍රභල ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් මීට සුළු වෙනාවකට පෙර සඳහන් කළේය. අද දිනයේදී එර්රට අගන නගරය වන ට්‍රිපොලි නගරයට ප්‍රහාර 27 ක් එල්ල වූ අතර ලිබියානු නයකට සිටින ප්‍රදේශ ප්‍රහාරයේ ඉලක්කය වූ බව සඳහන් විය. කෙසේ වෙතත් අදාළ ප්‍රහාර වලින් සිදු වූ ජීවිත හානිය පිළිබඳව මේ දක්වා සථීර තොරතුරු වාර්තා වී නොමැත.

කෙසේ වෙතත් ලිබියානු නායකයා මෙවර රුපවාහිනිය ඉදිරියේ පෙනී සිටියේ නැත. ඔහු අවසාන වතාවට රුපවාහිනිය ඉදිරියේ පෙනී සිටියේ දකුණු අප්‍රිකානු ජනාධිපති සූමා පසුගිය සතියේදී සංචාරය කළ අවස්ථාවේදීය.

" අපි දනින් නොවටෙන්නෙමු. ජයග්‍රහණය දක්වා යන ගමන වෙනුවෙන් අපි උරදී සිතෙන්නේ ජීවිත පරදුවට තබමින් . ඔවුන්ගේ අටුධ වලට වැඩිය අපේ ශක්තිය ප්‍රභලයි. ඔවුන්ගේ පුපුරන ද්‍රව්‍ය වලට වැඩ අපේ හඬ ශක්තිමත්", යයි ලිබියානු නායක ගඩාෆි සඳහන් කළේය.-

කිෂානි

Tell a Friend