ඔවුන් ජේ.වී.පෙ කරා පැමිණ ඇත.


ජේ වී පෙ කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනින් මැරුම් කැහ. අතුරුදහන් කෙරිණි. ඒ එවකට පැවතී එක්සත් ජාතික පක්ෂ රජය මගිනි. නමුත් තමන්ගේ අහිමි වූ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් අඩු තරමේ යුක්තිය පසිදලීම සදහා බලකිරීමක් අද දක්වාම ජේ. වී. පෙ සිදු කර නැත. 


හර්ෂි සි. පෙරේරා

''ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් අලවන්නට ආණ්ඩුව ඉඩ නොදෙන්නේ නම් ඒවා බෙල්ලේ එල්ලාගෙන හන්දි ගානේ සිටින්නට සිය පාක්ෂිකයන් සූදානම් යැයි එම පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

රජයේ මාධ්‍ය මගින් දවස පුරා අසත්‍ය ප‍්‍රකාශ කරන ආණ්ඩුව ජනතාවට පෝස්ටරයක් අලවන්නට ඇති අයිතිය ද උදුරාගෙන ඇතැයි හඳුන්නෙත්ති මහතා චෝදනා කෙළේය. පෝස්ටර ඉරා දැමීමට එරෙහිව විරෝධය පළ කරමින් ජවිපෙය කොටුව, දුම්රිය පොළ ඉදිරිපිට දී අද උද්ඝෝෂණයක් ද පැවැත්වීය."

රාජපක්ස බලයට ගෙන්න ප්‍රමුක කාර්යයක් කලේ ජේ. වී. පි එකයි. තීරණාත්මක අය වැයදී රාජපක්ස බේරුනේ ජේ. වී. පෙ චන්දය නොදුන් නිසාය. දැන් ඒගොල්ලන්ටම කෙල වී ඇත.

ජේ වී පෙ දැන් තමන්ට හිමිකම් අහිමි වී ඇති බව කියයි. ජේ. වී. පෙ මානව හිමිකම් සලකන්නේ බටහිර සංකල්පයක් ලෙසයි.

88-89 යුගය තුල ජේ. වී. පි බරපතල ලෙස මානව හිමිකම් කඩ කළේය. දහස් ගණනින් තමන්ගේ විරුද්දවාදීන් ගාතනය කළහ. තමන්ට විරුද්දව කතා කල අයගේ කටවල් කපන බව කියමින් සාමාන්‍ය ජනයා බිතියට පත් කළහ. තමන් අවංකව ප්‍රජාතන්ත්‍රවාදී මාවතට අවතීර්ණ වුයේ නම් පළමුව කල යුතුව තිබුනේ තම වැරදි පිළිබද පාපොච්චාරණයක් කර ජනතාව ගෙන් සමාව ගැනීමය. නමුත් ජේ. වී. පි යට ඒ සදහා පිටකොන්දක් තිබුනේ නැත.

ඒ වගේම ජේ වී පෙ කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනින් මැරුම් කැහ. අතුරුදහන් කෙරිණි. ඒ එවකට පැවතී එක්සත් ජාතික පක්ෂ රජය මගිනි. නමුත් තමන්ගේ අහිමි වූ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් අඩු තරමේ යුක්තිය පසිදලීම සදහා බලකිරීමක් අද දක්වාම ජේ. වී. පෙ සිදු කර නැත.

උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතීන් කඩවන විට ජේ.වී.පෙ නිහඩ විය. දැන් ඔවුන් මෙරට වාර්ගික ප්‍රශ්නයට විසදුම් සෙවීමට සබැ උවමනාවක් ඇත්නම් කලයුත්තේ දරුස්මන් වාර්තාවට අනුව සුවාදින පරීක්ෂණයක් පවත්වන ලෙස රජයට බල කිරීමයි.

මාටින් නිලමෝ මෙසේ කිවේය.

"ඔවුන් කොමුනිස්ට්වාදීන් කරා එනවිට මම නිහඩ වුනෙමි. මක්නිසාද මම කොමුනිස්ට්වාදියකු නොවන බැවිනි. ඔවුන් යුදෙව්වන් කරා පැමිණෙන විට මම නිහඩ වුනෙමි. මක්නිසාද මම යුදෙව්වකු නොවන බැවිනි. ඔවුන් කතෝලිකයින් කරා එනවිට මම නිහඩ වුනෙමි මක්නිසාදයත් මම ප්‍රොතෙස්තන්ත බැවිනි. නමුත් ඔවුන් මා වෙත පැමිණි කල මා වෙනුවෙන් හඩක් නැගීමට කිසිවෙක් සිටියේ නැත."

ජේ.වී.පෙ ට වෙන්නෙත් නිලමෝ කිදේය.



Tell a Friend