යෝජිත විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව අකණ්ඩව සිවුවන දිනටත් උද්ඝෝෂණයේ නිරත වී ඇති කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට පොලීසිය විසින් මේ වන විට දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටින බව අප වෙත වාර්තා වේ.
නිදහස් වෙළඳ කලාපය තුල වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයේ නිරත වී සිටි සේවක සේවිකාවන්ට කලාපයේ වසා දමා තිබුණු ඇතුල් වීමේ ගේට්ටු කඩා බිඳ දමමින් පොලීසිය බලහත්කාරයෙන් ඇතුල් වී මෙසේ පහර දෙන බව සේවක ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර පොලීසිය විසින් වෙඩි ප‍්‍රහාරයක්ද එල්ල කර ඇති අතර කඳුළු ගෑස් ප‍්‍රහාර සහ බැටන් ප‍්‍රහාර නිසා මේ වන විට සේවක සේවිකාවන් රැසකට බරපතල තුවාල සිදුවී ඇත. පොලීසිය හා සේවක සේවිකාවන් අතර බරපතල ගැටුමකට මෙම තත්වය හේතු විය හැකි බව එහි සිටින ප‍්‍රකාශකයකු තවදුරටත් අප හා පැවසීය.

Post a Comment