මේ ගැන අගමැතිවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු කියන්නේ සිවිල් සේවා ඇමති ජෝජ් ට්‍රෝන් පොදු අබිලාශය වෙනුවෙන් කටයුතු කල බවත් ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.
මේ ඉල්ලා අස්වීම සිදුවුයේ හිටපු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ප්‍රදානි ඩොමිනික් ස්ට්‍රෝස් කාන් ඇමෙරිකාව විසින් මේ මස මුලදී අත්අඩංගුවට ගැනීමේ උණුසුම පහව යාමටත් පෙරය.
ඔහුට එල්ල වූ චෝදනාව වුයේ නියු යෝක්හි හෝටල් කාමරයක සේවිකාවක් ලිංගික අපහරණයට ලක් කිරීමයි.
ප්‍රංස නඩු පවරන්නන් ට්‍රොන්ට එරෙහි විමර්ශන ආරම්බ කර ඇත. කාන්තාව දෙදෙනෙක් ට්‍රොන්ට චෝදනා එල්ල කරති.
එක් කාන්තාවක් පුවත් පතකට කියා ඇත්තේ තමන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උනන්දුව ඇති කලේ ස්ට්‍රෝස් කාන් සිද්දිය බවයි.
ට්‍රෝන් මහතා විවාහක තිදරු පියෙකි. හෙතෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහු ඒවා අවිස්වාස බව කියයි.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment