දසහැවිරිදි දැරියට අතවර කරලා

ලක්‍ෂ්මන් පයාගල

නිවසේ තනියම නිදා සිටි දස හැවිරිදි කුඩා පාසල් දැරියකට අතවර කළ ඇයගේ පුංචි අම්මාගේ හතලිස්‌හය හැවිරිදි අනියම් සැමියා වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් ගොස්‌ පැමිණීමෙන් පසු ඇඳ මත නිදා සිටියදී මෙම පුද්ගලයා නිවසට පැමිණ දැරිය බියගන්වා මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කරයි.

මව නිවසට පැමිණීමෙන් පසු දැරිය දැඩි බියට පත්ව අඬමින් සිට ඇති අතර ඇŽමට හේතුව විමසීමේදී තමාට සිදුකළ අතවර සිද්ධිය දැරිය ප්‍රකාශ කර ඇත. පසුව මව විසින් වත්තල පොලිසියට පැමිණිලි කර තිබේ.

සැකකරු වත්තල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අතිරේක මහෙස්‌ත්‍රාත් හිලේරියන් ගුණවර්ධන මහතා විසින් මෙම 26 වැනිදා තෙක්‌ රිමාන්ඩ් කරන ලදී.

දැරියගේ මව ජාත්‍යන්තර පාසලක පාලිකාවක්‌ වන අතර පියා ත්‍රීවීල් රථ රියෑදුරෙකි. වැඩිමහල් සොහොයුරියන් දෙදෙනකු ද සිටින අතර මොවුන් සියලු දෙනාම නිවසෙන් බැහැරව සිට ඇත.

වත්තල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. නිමල් රත්නායක මහතාගේ උපදෙස්‌ පරිදි වත්තල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප. උපුල් හෙට්‌ටිආරච්චි, පො.සැ. (33508) ධර්මවර්ධන, පො.සැ. (3261) දිසානායක, පො.සැ. (3047) ප්‍රේමචන්ද්‍ර, පො.කො. (55558) ගමගේ, පො.කො. මහින්ද, පො.කො. ධම්මික (71648) පො.කො. සමන් යන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවූහ.

Tell a Friend