පියා අත්අඩංගුවට; පුතා පලාගිහින්
පර්සි කුරුනේරු
පිය පුතු දෙදෙනකු විසින් අනුරාධපුර පරගස්‌දන්වැව මැදගම ප්‍රදේශයේදී සිදුකළ පිහි ඇනුමකින් විසි හැවිරිදි ගැබිනි කාන්තාවක් සහ තවත් අයකු මියගොස් ඇත.
(20 වැනිදා) සවස 1.45 ට පමණ මෙම ද්විත්ව ඝාතනය සිදුකොට ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ විසි හැවිරිදි ගැබිනි කාන්තාවක් වන සකුන්තලා ප්‍රියදර්ශනී සහ ඇගේ ඥතියකු වන 65 හැවිරිදි මුදලාහිටිගේ රන්බණ්‌ඩා නමැති දෙදෙනාය.
මෙම ඝාතනවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය වූ අවස්‌ථාවේ සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාරදී ඇත.
එම සැකකරුගේ පුතකු වන අනිත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
මොහු අත්අඩංගුවට ගැනීමට සහ සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලිසිය වැඩිදු පරීක්‍ෂණ පවත්වයි.
Post a Comment