සමන් පෙරේරා සහ සුදත් ඒකනායක
දහම් පාසල් ගොස් නිවස බලා එමින් සිටියදී ඒ 9 පාරේදී වෑන් රථයකට හසුවීමෙන්a 14 හැවිරිදි දැරියක් ඊයේ (22 දා) උදේ මියගොස් තිබේ.
තිරප්පනේ වනමල් උයන ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වනමල් උයන පදිංචි හර්ෂණී මධුෂිකා ජයතිලක නමැති දැරියකි. අනතුර සිදුවන අවස්‌ථාවේ දියණියගේ මවද දහම් පාසල් නිමවී ඇය සමඟ එමින් සිටියදී මෙම ෙ€දවාචකයට ගොදුරු වී තිබේ.
වෑන් රථය පැදවූ රියෑදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය දැරිය තිරප්පනේ මහානාම මහා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇගේ එකම සොහොයුරා ලක්‍ෂිත මල්ෂාන් එම විදුහලේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
කරපිංචා විකුණමින් දුක්‌බර ජීවිතයක් ගෙවන පවුලක ඉගෙනුමට දක්‍ෂ දියණියක වූ හර්ෂණී දැරියට ශිෂ්‍යත්ව විභාගයෙන් ද සමත්වීමට මදිවී ඇත්තේ ලකුණු 2 ක ප්‍රමාණයකි. කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Post a Comment