සරසවි සිසුන්ට හමුදා පුහුණුව හෘද සාක‍ෂියේ නිදහස සීමා කිරීමකි

විශ්වවිද්‍යාල සිසුන් සඳහා අවශ්‍ය වන්නේ එක් නායකයෙකුගේ අණ පිටුපස අන්ධානුසාරයෙන් ගමන් ගන්නා මිලිටරි විනයක් නොව පර්යේෂණ හා විමසුම් ඇසුරෙන් ශාස්ත්‍ර ගවේෂණය සඳහා පුහුණු කිරීමේ හේතුවාදී තීන්දු ගැනීමේ ශාස්ත්‍ර විනයක් ඇති කිරීම බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක‍ෂ කීර්ති තෙන්නකොන් මහතා ගේ අත්සනින් නිකුත් කළ පුවත්පත් නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ බෞද්ධ ආභාෂය මත පෝෂණය වූ මෙරට උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රීය ලක‍ෂණය හේතුවාදී දැනුම් ගවේණයයි. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සකස් කොට ඇත්තේ ද ශාස්ත්‍ර ගවේශණය සඳහා වන දොරටුව එක් එක් උසස් අධ්‍යාපනය ආයතනයට අනුරූප ලෙස සකස් කොට ගැනීමේ නිදහස තහවුරු වන පරිද්දෙනි. ගෙවීගිය දශකයක කාලය පුරා අප විසින් අත්දකිමින් සිටින්නේ විශ්වවිද්‍යාල ෙක‍ෂ්ත්‍රයට ලබා දී ඇති ශාස්ත්‍ර නිදහස සීමා කිරීමේ උපක්‍රම සහ ව්‍යවහාරයන් ය.

සරසවි අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා සිටින සිසුන් සඳහා හමුදා කඳවුරක් තුලදී අනිවාර්ය පුහුණුවක් ලබාදීම සිසුන් බහුතරයකගේ කැමැත්තට පරිබාහිරව සිදුවේ. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තියේ මගින් තහවුරු කොට ඇති හෘද ශාක‍ෂියේ නිදහසටඑල්ල කළ බලපෑමක් ද වේ.

වත්මන් විශ්වවිද්‍යාල ෙක‍ෂ්ත්‍රයේ ශාස්ත්‍ර නිදහස සීමා වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මෙයට පෙර නිකුත් කරනු ලැබූ වාර්තාවන්ගෙන් ද දිගින් දිගටම පෙන්වා දෙනු ලැබීය. ගෙවී ගිය දශකයක කාලයේ දී දේශපාලන අදහස් දැරීමේ සහ ප්‍රකාශනය හේතු කොට ගෙන විශ්වවිද්‍යාල ෙක‍ෂ්ත්‍රයෙන් නෙරපා දමනු ලැබූ බුද්ධිමත් සංඛ්‍යාව විශාලය. " එකඟවෙනු නැතිනම් දංගෙඩියට යනු" උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තේමා පාඨය බවට පත් වෙමින් තිබේ. අද වන විට විශ්වවිද්‍යාල පනත මගින් මෙරට උසස් අධ්‍යාපන ආයතන සඳහා ලබාදී ඇති සකල විධ ශාස්ත්‍ර නිදහස අමාත්‍යාංශය මගින් නැවත උදුරා ගනිමින් සිටී. සරසවි සිසුන්ට හමුදා කඳවුරු තුළ පුහුණුව ලබාදීම තුළින් පමණක් නොව කථීකාචාර්යවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ප්‍රවේශය ද එයට සාක‍ෂි සපයයි.

විශ්වවිද්‍යාල සඳහා අවශ්‍යවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී, සම්මුතිවාදී ව්‍යවහාරයන් මිස අන්ධානුකරණයෙන් නායකයින් පිළිපැදිමේ මිලිටරි විනය නොවේ. සරසවි සිසුන්ට හමුදා පුහුණුව අනිවාර්ය කිරීම විශ්වවිද්‍යාලයන් හි ශාස්ත්‍ර නිදහස තවදුරටත් සීමා කිරීමේ පියවරක් ලෙස සැලකීමට සිදුවේ.

Tell a Friend