රෙජීමයේ තුච්ඡ පළිගැනීමට ලක්වූ බ්‍රිගේඩියර් බිමල් ඩයස් ගැන කණගාටුදායක ප්‍රවෘත්තියක්
යමකු උසස් මිනිසෙකු වන්නේත් වසලයෙකු උපතෙන් නොව කරන ක්‍රියාවන් තුලිනි. මේ සැබෑ වසලයෙකුගේ පලිගැනීමට ලක් වූ සැබෑ රණ විරුවිරුවන් බොහෝ දෙන අතරින් තවත් එක් අයෙකුගේ කතාවක් පමණි.
අප මීට පෙර තුච්ඡ ලෙස පළිගත් රණවිරුවන් පිරිසක් ගැන කළ හෙළිකිරීමෙන් පසු ඊට සම්බන්ධ කණගාටු දායක ප්‍රවෘත්තියක් පළ කිරීමට සිදුව තිබේ. එනම් එම ලිපියේ සඳහන් කළ රෙජීමයේ තුච්ඡ පළිගැනීමට ලක් වූ බ්‍රිගේඩියර් බිමල් ඩයස් මහතාගේ ආදරණීය බිරිඳ ලොරේන් ඩයස් මහත්මිය අද හෘදයාබාධයකින් මෙලොවින් සමුගෙන තිබේ.
ලොරේන් ඩයස් මහත්මිය දරු දෙදෙනකුගේ මවකි. පුතා මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහලින් සමත්ව සිට ඇති අතර දුව තවමත් 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
රාජපකෂ රෙජීමය විසින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමෙන් පසු බි්‍රගේඩියර් බිමල් ඩයස් මහතාට ද අද වනතුරු විශ්‍රාම වැටුප අහිමි කර ඇති අතර වෙනත් රැකියාවක් සොයා ගැනීමටද ඉඩ දී නැත. එA සියළු අවස්ථා අහුරා තිබී ඇත. රැකියාව අහිමි වීම දේශපාලන පළිගැනීම් ආදී සියළු ප්‍රශ්ණ හේතුවෙන් ඔහුගේ බිරිඳ කම්පනයකට පත්ව දිවි ගෙවා ඇත.
මෙම හමුදා නිලධාරීන්ගෙන් කළ තුච්ඡ පළිගැනීම ගැන කතා කරන්නට අද කිසිවෙකු නැත. මොවුන් හමුදාවේ ඉහළ නිලයන් දැරූවන් හෙයින් මෙය මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස සැලකීමට මානව හිමිකම් සංවිධාන උනන්දු වන්නේ නැත. මෙම අසාධාරණය ගැන කතා කිරීමට ඔවුන්ට වෘත්තීය සමිතියක් නැත. අධිකරණයට යෑමට ද නොහැකි ය. එදා රණවිරුවන් කරේ තබාගෙන මාධ්‍ය පෙළහර පෑ යුද වාර්තාකරවෝ අහක බලාගෙන අද රාජපකෂලාගෙන් ලැඛෙන කටු රස කරමින් සිටී.
මෙසේ අසාධාරණයට මුහුණ දුන් රණවිරුවකුගේ බිරිඳක් අද හිත්වේදනාවෙන්ම හෘදයාබාදයකින් මෙලොව හැරගොසිනි. හෙට තවත් රණවිරුවෙකුට කුමක් වේදැයි දන්නේ දෙයියෝ පමණි.
අප මේ අසාධාරණය ජනගත කරන්නේ එහෙයිනි.
බි්‍රගේඩියර් බිමල් ඩයස් මහතා පානදුර පිළියන්දල පාරේ වාසය කරයි .
-ලංකා ඊ නිව්ස්

Post a Comment