හර්ෂි සි. පෙරේරා
පුවතක්ලංකාවේ සුනඛ ගහනය ලක්ෂ 2.5 ඉක්මවා යාම නිසා ඇතිවී තිබෙන ගැටළු සහගත තත්වය මග හරවා ගැනීම සඳහා අයාලේ යන සුනඛයන් සඳහා රට පුරා එළිමහන් සුනඛ නිවාස ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇත.
තවත් පුවතක්
මුන්නේශ්වරම් ශ්‍රී බද්‍රකාලි අම්මාන් දේවාලයේ වාර්ෂිකව පවත්වන උත්සවයේදී සිදුකරන මහා පරිමාණ සත්ව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා පවරා ඇති නඩුවේ ලිඛිත කරුණු දැක්වීම අද දිනයේදී (28) සිදු කරන මෙන් හලාවත දිසා විනිසුරු ජගත් කහඳගමගේ මහතා පසුගියදා දන්වා සිටියා. දේවාලයේ ප්‍රධාන පුජක කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් සහ මහ්න්ද්‍රසුන්දරම් වග උත්තරකරුවන් කරමින් මෙම නඩුව ගොනුකොට තිබෙන්නේ මෙරට සත්ව සුබසාධනය සඳහා කැප වී ක්‍රියාකරන කොළොඹ ලලනි පෙරේරා මහත්මිය විසිනුයි.
පුවතක්
දින පහළොවක් වයසැති සිඟති බිළිඳියක් ළිඳකට දමා ඝාතනය කළ බව කියන මවක් බිංගිරිය පොලිසිය විසින් මීටස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය වැල්ලාරාව රත්මල්වල ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කතක් බව පැවසේ. ඇයට වයස අවුරුදු 9ක දියණියක් හා වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවෙකු සිටින බව වාර්තා වේ. අළුතින් බිහිකළ බිළිඳිය හදාවඩා ගැනීමට වත්කමක් නොමැති නිසා ඇය ළිඳට දැමූ බව සැකකාරිය පොලිසියට පවසා ඇත.
තවත් පුවතක්
සිය මව විසින් උපන් අවස්ථාවේදීම බිළිඳෙකු වැසිකිලි වළකට දමා මරා දැමීමේ පුවතක් පස්සර - මියනඳුර ප‍්‍රදේශයෙන් වාර්තා වේ. ඊයේ (28) පොලිසියට ලද තොරතුරක් මත මේ සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පස්සර පොලිසිය ප්‍රකාශ කරයි.
කාටද ප්‍රමුකත්වය?

Post a Comment