කටවුට් පිස්සුව නිසා මිලින වූ ජීවිතයක්

අමිල ගුණරත්න

2008 පෙබරවාරි 15 වැනිදා කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා භූමියේ පැවැති "දැයට කිරුළ" ප්‍රදර්ශනය වෙනුවෙන් සකස්‌ කොට තිබූ ප්‍රදර්ශන කුටියක්‌ කඩා වැටීමෙන් ආබාධිත තත්ත්වයට පත්වූ වෛද්‍ය ශිෂ්‍යාවක වන සමිතා සමන්මලී මෙනෙවිය විසින් එම සම්මන්ත්‍රණ ශාලා පාලනාධිකාරියට එරෙහිව රුපියල් මිලියන 500 ක වන්දියක්‌ ඉල්ලා නඩුවක් ගොනුකර තිබේ. මෙම සිදුවීම ලංකික දේශපාලන ක්‍රමයේ හිස් බව පෙන්වන තවත් එක උදාහරණයකි. තමන්ගේ ප්‍රතිරූපය ඉහල දැමීම සඳහා දේශපාලකයන් විකාර කරති. එම විකාර අතර යෝධ කටවුට් ඉදිකිරීමද විලාසිතාවකි. මේ විකාරය රටට උග්‍ර ලෙස බෝ කලේ ජනාධිපති ප්‍රේමදාස විසිනි. ඔහුගේ අනුප්‍රප්තිකයන් ප්‍රේමදාසට නොදෙවෙනි ලෙස කටවුට් ඉදි කළහ. මේ සඳහා ජනතා මුදල් වැය කරන අතර කොන්ත්‍රාත්කරුවන් පුස් ලෝඩන් ලී සහ අඩු කොලිටි කම්බි යොදා අනුරූ තනති. ඉන් පසු කටවුට්වලින් ගාන කපා ගනිති. ජනතාවගේ මුදල් වැය කරවමින් ඔවුන්ගේ හිස් මතට කඩ වැටෙන මෙම බහුරූ කෝලම් ජනතාවට හෙනයක් බව මේ ගොන් රැලට තේරෙන්නේ කවදාද ?

Tell a Friend