දරුස්මාන් වාර්තාව : ඉන්දීය නියෝජිත පිරිසක් හදිසියේ කොළඹට



කොටි සංවිධානය සමඟ පැවති යුද්ධයේ අවසන් අදීයර පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව නිසා මතු වී ඇති තත්වය ගැන සාකච්චා කිරීමට ඉන්දීය නොයෝජිත පිරිසක් මේ සතියේ සිකුරාදා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අදාළ සංචාරය සඳහා ජාතික ආරක්ෂක උපදේශක ශිව ශංකර් මෙනොන් , විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේඛම් නිරූපමා රාඕ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම් ප්‍රදීප් කුමාර් යන අය අදාළ සංචාරය සඳහා සහභාගී වනු ඇත. අදාළ සංචාරය වැදගත් වන්නේ ලංකා ආණ්ඩුවේ නියෝජිත පිරිසට ඉන්දියාවට පැමිණීම සදහා ලංකාව කළ ඉල්ලීම එළබෙන ජුනි මාසය දක්වා පිළිගෙන නොමැත. බැසිල් රාජපක්ෂ, ගෝඨාබය රාජපක්ෂ සහ ලලිත් වීරතුංග යන අය ඉන්දියාවේ සංචාරය කිරීමට තීරණය කළහ . කෙසේ වෙතත් විදේශ ඇමති ජි. එල් පිරිස් මහතා මැයි මස 16 වැනිදා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර එහිදී විදේශ ඇමති එස්. එම්. ක්‍රිෂ්ණා හමු වීමට නියමිතය.

Tell a Friend