හර්ෂි සි. පෙරේරා
කේ. පි පහත සදහන් ප්‍රකාශය කර ඇත්තේ ඉන්දීය වෙබ් අඩවියකටය. ඒ ෆස්ට් පොස්ට් වෙබ් අඩවියයි." එක්සත් ජාතින් සහ නම හෙලිකල නොහැකි බටහිර රටක ආණ්ඩුවක් යුද්දයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ දෙමල කොටි නායකත්වය බේරීමට උත්සහ කරා. ඒ 2009 මැයි මාසයේදී එල්. ටි. ටි. ඊ නායකයින්ට පැන යාමට නවුකාවක් සැපයීමට පොරොන්දු වීම මගිනි."
මෙම ප්‍රකාශය කරන කුමාරන් පත්මනාතන් නොහොත් කේ. පි අදාල රට කුමක්දැයි හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇත. කේ. පි, එල්. ටි. ටි. ඊ යට අවි ආයුද සැපයු ප්‍රදනියා වෙයි. එල්. ටි. ටි. ඊ නායකයාව මරා දැමීමට ටික කාලයකට පෙර ඔහු කේ. පි ව තම සංවිදානයේ ප්‍රදාන ජාත්‍යන්තර නියෝජිතයා බවට පත් කළේය.
2009 අගෝස්තු මාසයේ කේ. පි ව ගිනිකොන දිග ආසියානු රටකදී ශ්‍රී ලංකා ආණ්ඩුව අත්අඩංගුවට ගනු ලැබිණි. ඉන්පසුව ඔහු ආණ්ඩුව සමග සහයෝගයෙන් එහි උපරිම ආරක්ෂාව සහ රැකවරණය මද්දයේ සුකොපබෝගී ලෙස ජිවත් වෙයි.
කේ. පි මේ ආකාරයේ ප්‍රකාශ කරන්නේ දරුස්මන් වාර්තාව ප්‍රසිද්ද කර ඇති තීරණාත්මක අවස්ථාවකදීය. එහෙයින් මේ බයිලාවන් කෙසේ විශ්වාස කරමුද? තවද නැවක් දීමට පොරොන්දු වූ රට කුමක්දැයි හෙළි නොකරන්නේ ඇයි?

Post a Comment