ආයෙත් පකිස්ථානයේදී නම් ක්‍රිකට් ගහන්නේ නැහැ - දිල්ෂාන්

හර්ෂි සි. පෙරේරා
තිලකරත්න දිල්ෂාන් ප්‍රථම වරට එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඔක්තෝම්බර් මස පකිස්ථානයේ සංචාරය නොකිරීම අනුගමනය කරමින් දිල්ෂාන් ද තමන් කීයටවත් පකිස්ථානයේදී ක්‍රීඩා නොකරන බවට පොරොන්දු වී ඇත.

මිට වසර දෙකකට පෙර පකිස්ථානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අනතුරක් නොවුවද පොලිස් නිලදාරීන් සය දෙනෙක් සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙක් මරමුවට පත් විය.

තිලකරත්න පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ මෙම එංගලන්ත සංචාරයේදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම හිටපු නායකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්දෙන ගෙන්ද නව නායක ද ඇතුළුව නායකයින් තිදෙනෙක් ගෙන් සමන්විත වෙයි. මහේල තමන් සහ කුමාර සංගක්කාර නව නායකයාට අවශ්‍ය අවස්ථාවේදී සහය දෙන බව පවසා ඇත. නමුත් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන තරග දිනවන පන්දු යවන්නන් තිදෙනෙක් නැත. ඒ චමින්ද වාස්, මුරලිදරන් සහ ලසිත් මාලින්ගය.

මෙම සංචාරය එංගලන්තයට අලුත් ඉල්ලක්කයක් මෙන්ම ලංකාවට නව යුගයක ආරම්බයක් බව විද්‍යුත් මාද්‍ය වල සදහන් විය.





Tell a Friend