රක්තහීනතාවය සහ ප්‍රනාන්දුපුල්ලේ වගවීම.

හර්ෂි සි. පෙරේරා
වයස අවුරුදු පහ සම්පූර්ණ වූ මෙරට ළමයින්ගෙන් 25.2% ක් රක්ත හීනතාවය හෙවත් නිරක්තිය නමැති රෝග තත්ත්වයෙන් පෙළෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය. ලබන ජුනි මාසයට යෙදී ඇති ජාතික පෝෂණ මාසය පිළිබඳව ඊයේ (26) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත‍්‍රණයක් අමතමින් වෛද්‍ය ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.

එසේම පාසල් ළමුන්ගෙන් 40% ක් නියමිත බරට වඩා අඩු බරකින් යුත් බව සමීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ද ඇය කීවාය. මෙරට වයස අවුරුදු පහ සම්පූර්ණ වූ ළමයින් අතර මිටි බව, කෘෂ භාවය, අඩු බර යන රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන ප‍්‍රතිශතයද වැඩි බවත්, ඇය පවසුවාය. එම අගයන් පිළිවෙළින් 17.3%, 14.7% හා 21.1% වන බවත් වෛද්‍ය ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය කීවාය.

මේ අතර, වයස අවුරුදු 15 ත් 49 ත් අතර වයස් කාණ්ඩයට අයත් කාන්තාවන්ගෙන් 16.2% ක් අඩු බරින්ද, 24% ක් අධි බරින් හා 7.2% ක් ස්ථුලභාවයෙන්ද පෙළෙන බව අනාවරණය වී ඇත. ගර්භනී මවුවරුන් අතර කෘෂභාවයෙන් පෙළෙන ප‍්‍රතිශතය 18.4% කි. 2000 වසරට සාපේක්ෂව 2006 - 2007 කාල සීමාව වන විට වයස අවුරුදු 15-49 වයස් කාණ්ඩයේ කාන්තාවන් අතර, පැවැති ශරීර ස්කන්ධ අගය අඩුවී ඇති අතර අඩු බර උපත් ප‍්‍රතිශතයද වැඩිවී ඇතැයි වාර්තා වේ.

මේ දේශනා කරන්නේ කාටද? මේ වාට වගකිවයුත්තේ ඔබ තුමියලාය. කරුණාකර කතාව නැවත වැඩට බහින්න. ජිවන වියදම අඩු කරන්න. දරුවන්ගේ පෝෂණයට සහ අද්‍යාපනයට අය වැයෙන් වැඩි මුදලක් වෙන් කරන්න.

අපේ මෙම ප්‍රශ්න තනිවම විසදා ගත නොහැකිනම් වහාම ජාත්‍යන්තරයේ උපදෙස් හා ආදාර ලබා ගන්න.

එසේ නොවුනහොත් අනාගතය සැමදා ඔබටත් රාජපක්ස රෙජිමයටත් සුබ වී මෙරට සාමාන්‍ය ජනයාට අසුබ වනු ඇත.





Tell a Friend