අපිට අපේ ප්‍රශ්න විසද ගන්න පුළුවන් - ජනාදිපති

හර්ෂි සි. පෙරේරා

අද මිට සුළු මොහොතකට පෙර ගාලු මුවදොර පිටියේ යුද ජයග්‍රහණයේ සැමරුම් දින උත්සව වලට සහබාගි වෙමින් ජනාදිපතිවරයා කියා සිටියේ අපිට අපේ ප්‍රශ්න තනිවම විසදා ගත හැකි බවත් ඒ බව තමන් ලෝකයාට පෙන්වා දී ඇති බවත්ය.

මෙහිදී මතුවන ප්‍රශ්නය මානව හිමිකම්, නීතියේ අදිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු වලදී ලෝකයාගෙන් හුදකලා විය හැකිද යන්නය. යුද්දයේදී ආණ්ඩුව හා කොටි සංවිදානය බරපතල මානව හිමිකම් උල්ලංගනය සිදු කරමින් මනුෂ්‍ය සංහාරයක් කලේ නම් එය මනුෂ්‍යත්වය පිළිබද බරපතල ප්‍රශ්නයකි. එවැන්නකට යුක්තිය ඉටු කිරීමට දේශසීමා බලපාන්නේ නැත. ජාති ආගම කුල මල බේද බලපාන්නේද නැත.

අපිට අපේ ප්‍රශ්න විසදා ගත හැකිනම් ඇයි අපි එකසත් ජාතින් වැනි ජාත්‍යන්තර සංවිදාන වල සාමාජිකත්වය ගත්තේ? ඇයි අපි ජාත්‍යන්තර ගිවුසුම් සම්මත කලේ? ඇයි අපි ඒවාට අත්සන් කලේ?

නොබෝදා බොස්නියාවේ සිදු වූ යුද අපරාද සම්බන්දයෙන් බොස්නියානු සබියානු ජෙනරාල් වරයකු අත්අඩංගුවට ගනු ලැබිණි. එය ලෝවැසි සැමගේ ප්‍රශංසාවට ලක්වූයේ පමාවී හෝ යුක්තිය ඉටුවීමක් ලෙසයි.

අපි අපේ නායකයින් සම්බන්දයෙන් එසේ සිදුවිය යුතුයි නොකියමු. නමුත් යම් චෝදනාවක් ඇත්නම් එය සුවාදින සහ අපක්ෂපාති පරීක්ෂණයකට බාජනය විය යුතුය. එය ශිෂ්ට සමාජයක ලක්ෂණයකි.



Tell a Friend