සිරිසේන අත්තනායක
මීගමුව කුරණේ මඟුල් ගෙදරක් අවමඟුල් ගෙදරක් කරමින් මනාල යුවළ පිටත් කිරීමට දල්වන ලද රතිඤ්ඤා වැලේ බට්ටාවලට හසුවී අහිංසක පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියක් වාර්තා වෙයි.
මිනුවන්ගොඩ උත්තාරුව පදිංචි අමිතාද සිල්වා ගුණවර්ධන (66) තම මිණිබිරිය වූ අවින්දතී තත්සරණී වීරසූරිය (අවු.5 මාස 5) සමඟ ඥාති මඟුල් ගෙදරට ගියේ සතුට විඳ දරා ගැනීමටය. පස්වරු 3.35ට මනාල යුවළ පිටත්වීමට රතිඤ්ඤා දල්වන ලදී. ඒ අවස්ථාවේ ඔවුන් රතිඤ්ඤා වැලට මීටර් 20 පමණ දුරින් සිට ඇත.
අමිතාද සිල්වාට තමා අභියස බෝම්බයක් පුපුරා ගිය හඬක් ඇසිනි. ඇය කෑ ගැසුවාය. තම සාරියේ කොන අල්ලා සිටි දැරිය කිසිවකු ඔසවාගෙන යනු පෙණින. දැරිය රෝහල්ගත කරන ලදී. එහෙත් දැරිය මිය ගියාය.
මේ සිද්ධියෙන් වීරසූරිය පවුලට සිටි එකම දැරිය මෙලොව හැර ගියේ පළාතම කඳුලින් නහවමින්. ඇය පීල්ලවත්ත ඩේවිඩ් සිල්වා කනිටු විදුහලේ පළමු වසර සිසුවියකි.
මිය ගිය දැරියගේ අවසන් කටයුතු ඊයේ (22) උන්නාරුවේදී සිදුකෙරිණි.
Post a Comment