මහකනදරාව පොතාන මාර්ගයේ දී
පර්සි කුරුනේරු
මිහින්තලේ, මහකනදරාව පොතාන මාර්ගයේ අබිරහස් ලෙස ගෙල කපා මරා දැමුණු නාඳුනන කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (22 දා) උදේ මිහින්තලේ පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ වයස අවුරුදු 50 ක් පමණ වන බව මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වන මිහින්තලේ පොලිසිය පවසයි.
පොතාන මාර්ගය අසල මහකනදරාව වැවේ රැළපනාවක් මත තිබී මෙම කාන්තා මළසිරුර හමුවී ඇති අතර ඒ අසල තිබී ඇය ඝාතනයට භාවිතා කළ බවට සැක කරන ලේ තැවරුණු පිහියක්‌ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම කාන්තාව පෙරේදා (21 දා) රාත්‍රියේ දී ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර ඇගේ බවට සැක කරනු ලබන ආරක්‌ෂිත හිස්‌වැසුමක්‌ද, මළසිරුර හමුවූ ස්‌ථානයට මඳක් දුරින් මහකනදරාව වැවේ අකුලක රැඳී තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
මේ පිළිබඳව මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය හා පශ්චාත් මරණ පරීක්‌ෂණය ඊයේ (22 දා ) පැවැත්වීමට නියමිතව තිබූ අතර මිහින්තලේ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.
Post a Comment