වික්‍රමතුංග ඝාතන නඩුව

ලසන්ත වික්‍රමතුංග නඩුව අද දින (2011 මැයි 26 දින) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මීට පෙර දින විවෘත අධිකරණයේදී ප්‍රකාශයක් සිදුකල හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී කන්දේගෙදර ප්‍රියවංශ විසින් කරන ලද ප්‍රකාශය නිල වශයෙන් සටහන් කරගන්නා ලෙසටය.

ඒ අනුව එකී ප්‍රකාශයේ බරපතලතාවය සලකා බලා මහේස්ත්‍රාත්තුමිය විසින් පරීක‍ෂණයක් ආරම්භ කරන ලෙසටත්, සැකකාර ප්‍රියවංශ ප්‍රකාශ කර තිබුණේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සඳහා ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියකු සම්බන්ධ බවට සාක‍ෂි ලබා දුනහොත් තමා රජයේ සාක‍ෂිකරුවකු බවට පත්කොට අවශ්‍ය ආරක‍ෂාව හා විදේශ රැකියාවක් ලබාදීමට ත්‍රස්ත විමර්ශණ ඒකකයේ නිලධාරියකු පවසා තිබුණු බවයි. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණ අද (2011 මැයි 26) නියෝග කලේ සැකකාර ප්‍රියවංශට බලපෑම් කල පොලිස් නිලධාරියා ලබන වර එනම් 2011 ජුනි 09 දින අධිකරණය ඉදිරියට පමණුවන ලෙසටය.

ඒ අනුව ඔහුගෙන් සාක‍ෂි ලබාගෙන අදාළ බලපෑම් කිරීමට අදාළව මහේස්ත්‍රාත් පරික‍ෂණයක් සිදුකිරීම ආරම්භ කරන බවත්, ඒ සඳහා අද දින සැකකාර ප්‍රියවංශගෙන් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව සැකරුගේන් මහේස්ත්‍රාත් නිල මැදිරියේදී ප්‍රකාශයක් සටහන් කරගන්නා බවයි. එසේම අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව අවුරුදු දෙකහමාරක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින පරික‍ෂණ වහා අවසන් කරන ලෙසත් ත්‍රස්ත විමර්ශණ අංශයට ගරු මහේස්ත්‍රාත්තුමිය නියෝග කරන ලදී.

තව දුරටත් එකී නිතිඥවරයා ඉල්ලා සිටියේ යම් හෙයකින් අදාළ පරීක‍ෂණය මත සැකකරුට බලපෑම් එල්ල කර ඇතැයි පෙනී යන්නේ නම් මහේස්ත්‍රාත්තුමියට ඇති බලතල භාවිතා කරමින් මෙම පරික‍ෂණය සාධාරණ සහ විශ්වාසනීයත්වයකින් යුතුව ඉදිරියට ගෙනයාමට වෙනත් පොලිස් ඒකකයටකට පවරන ලෙසයි.

Tell a Friend