ස්ටෙපන් ලව්රන්ස්ගේ මිනීමැරුම් නඩුව අලුතින් අසයි

ස්ටෙපන් ලව්රන්සේ මරා දැමීම පිළබදව පුද්ගලයින් දෙදෙනෙකුට විරුද්දව නඩු පැවරේ.

ඔවුන් 35 හැවිරිදි ගරි දොබ්සෝන් සහ 34 හැවිරිදි ඩේවිඩ් නොරිස් වේ. මේ දෙදෙනාට 1993 අප්රිල් මස 22 වැනිදා ගිනිකොන දිග ලන්ඩන්හි බස් නැවතුම් පොලක මේ කළු තරුණයා ගාතනය කිරීම පිළිබද චෝදනා එල්ලවී ඒ ඇත.

මේ අපරාදයට මෙතෙක් කිසිවෙක් වරදකරු වී නැත. නමුත් ස්කොට්ලන්ඩ් යාඩ් කුඩා රහස් පරීක්ෂක කණ්ඩායමක් මෙම 18 හැවිරිදි තරුණයාගේ මරණය පිලිබදව පරීක්ෂණ සිදු කරයි.

1996 දී දොබ්ස්සොන්ට විරුද්දව නඩු පැවරු නමුත් ඔහු චෝදනා ප්‍රතික්ෂේප කිරීම නිසා නිදොස් කොට නිදහස් කෙරිණි.

දොබ්සෝන් සහ නොරිස් මිනීමැරුම සම්බන්දව සැප්තැම්බර් මාසයේ අත්අඩංගුවට ගනු ලැබ දැනට රැදවුම් බාරයේ සිටිති.

නඩු විබාගය නොවැම්බර් මස ඕල්ඩ් බෙලි හි පැවැත්වීමට නියමිතය. ඊලග නඩු දිනය ජුලි 01 වැනිදාය.

මෙහිදී විශේෂත්වය ස්ටේපන්ගේ පවුලේ උදවිය යුක්තිය ඉටු වන තුරු තම අරගලය අතහැරියේ නැත.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend