හර්ෂි සි. පෙරේරා
"පොල්පිතිගම තරණගොල්ගම කනිටු විදුහලේ ගේට්ටු කණුවක් කඩා වැටී දෙවැනි වසරේ සිසුවකු (7) මියගිය බව පොලිසිය කියයි. පාසල ඇරුණු පසු ගෙදර යෑමට සිටි සිසුහු ගේට්ටු කණුවේ එල්ලීමත් සමග එය කඩා වැටී ඇතැයි කියති."
මේ සිදුවීම දරුවාගේ වරදක්ද? දග වැඩක්ද? නැත. ළමුන් දග නැත්නම් ඔවුන්ට ළමුන් යයි කිවයුතු නැත. ළමුන් වැරදි කරන්නේද නැත. හැබැයි ළමුන් ජීවත්වන්නේ වැරදි කරන වැඩිහිටියන් සිටින ඔවුන්ට දණ්ඩ මුක්තිය දී ඒ සදහා කරබාගෙන සිටින නීතියක් ඇති රටකය.
නොසැලකිල්ලද වංචාවකි. මක්නිසාද මේ සිද්දියට අදාල පාසලේ මුල් ගුරු සිට ගුරු දක්වා ළමුන්ගේ වගකීම සම්බන්දයෙන් මහජනතාවගෙන් පඩි ගන්නා බැවිනි.
මේ පාසලේද සුපුරුදු ආකාරයට ළමුන් සහ ගුරුන් උදේට පන්සිල් ගෙන වැඩ අරබා සවසට බාවනා කොට ඉගැන්වීමේ කටයුතු අවසන් කරනවා ඇත. මම මයිත්‍රී කරත්වා වයිර නොකරත්වා යනුවෙනි. අන් අයට මයිත්‍රී කිරීම යනු ඔවුන්ගේ ජිවිත ආරක්ෂා කිරීමට වැඩ කිරීමද නැතිනම් එසේ කියන්නේ තමන් ගවුරවනිය පුද්ගලයකු ලෙස ලෝකයාට වියාජ මවා පෑමක් කිරීමටද?
කෙසේවෙතත් වන්දි ගෙවීමට සිදු වුයේ සමනලයකු වැනි ළමයෙකුටය.
Post a Comment