"මෙම පනත ගෙන ආ පළමු අවස්ථාවේදීම ජනතා විමුක්ති පෙරමුණ, මෙය ගෙන එන්න එපා කියා කිව්වා. සේවකයින්ගේ අරමුදල් පැහැර ගන්න ගෙන එන මේ පනත හකුළා ගන්නේ නැත්නම්, වැඩ කරන ජනතාව සමග ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව අපි කිව්වා. ඇතැමුන් කිව්වා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිඛෙන නිසා පරාජය කරන්න බැරි වෙයි කියලා. නමුත් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි 162ට වඩා වැඩ කරන ජනතාව බලවත් බව දැන් ඔප්පු වෙලා තිඛෙනවා. ඒ නිසා ආණ්ඩුවට තාවකාලිකව පනත හකුළා ගන්න සිද්ධ වුණා. නමුත් මෙය ස්ථීර වශයෙන්ම හකුළා ගන්නා තුරු අපි සටන් කළ යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දෙන ණය මුදල ලබා දෙන්නේ වාරික අටකින්. අලූත් වාරිකයක් දෙද්දී කලින් වාරිකය ගනිද්දී ලබා දුන් එකඟතා ඉටු කර තිඛෙනවාද කියලා බලනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් දැම්මා පෞද්ගලික අංශයේ ආයෝජන 17% සිට 23% දක්වා ඉහළ නැංවිය යුතුයි කියලා. ආණ්ඩුව ඒ සඳහා ප්‍රාග්ධන ගිණුම විවෘත කළා, ඉඩම් විකුණුවා. බදු සහන දුන්නා. නමුත් ආයෝජකයින් ආවේ නැහැ. ඊළඟට ආණ්ඩුව බැලූවා, ලොකු මුදලක් තිඛෙන්නේ කොහේද කියලා. සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 95,000ක් තිඛෙනවා. සේවක භාරකාර අරමුදලේ කෝටි 11,000ක් තිඛෙනවා. නමුත් දැනට තිඛෙන නීතිවලට අනුව ඒ මුදල් රජයේ සුරැකුම්පත්වල පමණයි ආයෝජනය කරන්න පුළුවන්.
ඇතැම් මංකොල්ලකරුවන් දැලිපිහි අරගෙන එනවා. ඇතැමුන් මන්න පිහි අරගෙන එනවා. ඇතැමුන් බයිනේත්තු අරගෙන එනවා. රාජපක්ෂ ආණ්ඩුව විශ්‍රාම වැටුප් පනත ගෙනත් මේ මුදල් මංකොල්ල කන්න උත්සාහ කළා. මේ පනත මගින් සේවකයින්ගේ අරමුදල්වලින් තුනෙන් එකක් ආණ්ඩුවට කැමති තැනක ආයෝජනය කරන්න ඉඩ ලැඛෙනවා. ඒ මංකොල්ලයට විරුද්ධවයි සේවකයින් පාරට බැස්සේ. එය ඔවුන්ගේ සාධාරණ අයිතියක්.
මේ පනතට අනුව පළමුවෙන්ම සේවකයකුට විශ්‍රාම වැටුපක් ලැඛෙන්නේ 2031දී. අද රුපියල් 10,000ක වැටුපක් ලැඛෙන සේවකයකුට විශ්‍රාම වැටුප ලෙස ලැඛෙන්නේ රුපියල් 1500යි. එවැනි පනතක් සේවකයින්ට පහර දීලා, වෙඩි තියලා ගේන්න හදන්නේ වෙන මොකක්වත් නොවෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවකයින් එනවා, එතකොට ඔවුන්ට පෙන්වන්න ඕන කොන්දේසි ඉටු කළා කියලා.
මේ පනත කැබිනට් මණ්ඩලයේ සම්මත කර ගත් එකක්. එය අත්හිටුවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තීරණය කරන්න බැහැ. අවශ්‍ය නම් ඔවුන්ට පුළුවන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරන්න.
ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස් වුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව සාකච්ඡා කරන්න. එහිදී මේ පනත තාවකාලිකව අත්හිටුවන්න තීරණය කළේ, පළාත් පාලන මැතිවරණයට අවාසිදායක වෙන්න පුළුවන් නිසා. ඒ නිසා මැතිවණය තෙක් තාවකාලිකව අත්හිටුවා ඇති පනත ස්ථීර වශයෙන්ම අහෝසි කිරීම සඳහා අප සටන් වැදිය යුතුයි. ඒ වගේම, පෞද්ගලික අංශයේ සේවකයින්ට සාධාරණ විශ්‍රාම වැටුපක් දිනා ගැනීම වෙනුවෙන් අරගල කළ යුතුයි."
මෙම මාධ්‍ය හමුවට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත යන මහත්වරුද සහභාගි වූහ.

Post a Comment