චමින්ද සිල්වා
වැලිකඩ බන්ධනාගාරය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කර තිබෙන එල්ලුම්ගහේ ප්‍රධාන ලෑල්ල ඉවත් කර බාල වර්ගයේ ලෑල්ලක් සවිකර ඇතැයි වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
එකදාස් අටසිය ගණන්වලදී එල්ලුම්ගහට සවි කරන ලද ලෑල්ල (තනි ලෑල්ල) අඩි හතරක පළලකින්, අඩි දොළහක දිගකින් සහ අඟල් දෙකක ඝනකමින් යුක්‌තව පැවැති බව එම ආරංචි මාර්ග පවසයි.
එල්ලුම්ගහේ අලුත්වැඩියා කටයුතු කරන මුවාවෙන් උසස් නිලධාරියකු ලෑල්ල ගලවා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් වෙනත් ලෑල්ලක් සවිකර ඇතැයි පවසන එම ආරංචි මාර්ග එල්ලුම් ගහට යටින් පැවැති ගරාදි වැට ද ගලවාගෙන ගොස් ඇතැයි කියති.
මෙම අලුත්වැඩියා කටයුතු කළ නිලධාරියා තවමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන බව පවසන එම ආරංචි මාර්ග ඔහුට එරෙහිව විවිධ චෝදනා රැසක් එල්ලවී ඇති බවද කියති.

Post a Comment