හර්ෂි සි. පෙරේරා
අපේ ප්‍රශ්න අපිම විසදා ගන්නා බව කියා රාජපක්ෂ ප්‍රමුක ආණ්ඩුව ජාත්‍යන්තරයට හොදටම බය වී ඇත.
එහි ප්‍රතිපලය ලෙස රජය ජුලි මාසයේ හදිසි නිතිය ඉවත් කිරීමට යයි. ඊලග හාස්‍ය ජනකම කාර්ය උතුරේ සංචාරයකට තමිල්නාඩු මහා ඇමැතිනියට කිරීමට යන ආරදනයයි.
මේ අපේ ප්‍රශ්න අපම විසදා ගන්නා හැටිය. රටේ දනය නැතිනම් ජනතාවගේ බදු මුදල් නැති නාස්ති කරමින් මෙසේ එකිනෙකාට ආරාදනය කරන්නේ ඇයි ? හදිසිය ඉවත් කරන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොව ඉන්දියාවට හොදටම බය වූ නිසාය. ඒය දෙකේ පන්තියේ ළමයකුට වුවද තේරෙයි.
අපිට අපේ ප්‍රශ්න විසදා ගත හැකියි යනුවෙන් ජනදිපතිවරයා කල ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුය. නැතිනම් ඔහුගේ ආණ්ඩුව සියලුම ජාත්‍යන්තර සම්මුති සහ ගිවුසුම් වලට සමු දියයුතුය.
එසේ නොවීම ජනතාව ඉදිරියේ පුරාජේරු කතා කියමින් ඔවුන්ව රවටමින් ජනතා මුදලින් ජොකි නැටිමකි.

Post a Comment