සේවක විරෝධතා නිසා පියවරක් පස්‌සට
රනිල් ධර්මසේන සහ ශ්‍යාම් නුවන් ගනේවත්ත
යෝජිත පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුප සම්බන්ධව පවතින විරෝධතාවය හමුවේ ඊට අදාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
මේ වන විට අදාළ පනතට එරෙහිව ප්‍රබල විරෝධයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව පුළුල් වශයෙන් පෞද්ගලික අංශයේ සේවක ප්‍රජාව දැනුවත් කිරීමටද රජය තීරණයකර ඇත. අදාළ විශ්‍රාම වැටුප ගැන පෞද්ගලික අංශ සේවකයන් දැනුවත් කිරීම සඳහා කුඩා පොත් පිංචක් සකස් කිරීමටද රජය අපේක්‍ෂා කරයි. මේ පිළිබඳව මහාභාණ්‌ඩාගාර ලේකම් ආචාර් පී. බී. ජයසුන්දර මහතා පවසන්නේ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන කාටත් තේරෙන සරල භාෂාවෙන් අත්පොතක් පිළියෙළ කර ඉදිරි දින කීපය තුළ බෙදා හැරීමට අදහස් කරන බවයි.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ සම්බන්ධව පැවසුවේ පාර්ලිමේන්තුවට පනත ගෙන එන්නත් පුළුවන් සමහර විට නොගෙන එන්නත් පුළුවන් යෑයි කියාය.
විශ්‍රාව වැටුප් පනතේ අඩුපාඩු සහ වෙනස් කිරීම් සිදුකරන තෙක් එය ඉදිරිපත් නොකරන බව නියෝජ්‍ය ඇමැතිවරයා පනතේ ප්‍රතිලාභ වැඩි වශයෙන්ම සේවකයන්ට ලැබෙන බවත් විවිධ පක්‍ෂ හා පුද්ගලයන් පනතින් ලැබෙන වාසි ප්‍රකාශ නොකර හංගාගෙන වැරදි මත ප්‍රකාශ කරමින් සිටින බවද කීය.
ජනතාවට වාසියක් මිස අවාසියක් වන කිසිවක් රජය සිදුනොකරන බවද පනතේ ඇති වැදගත්කම ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද කියා සිටියේය.

Post a Comment