2600 සම්බුද්ද ජයන්ති සමයේ රට පුරා බිලිදුන් මරා දැමීම.

හර්ෂි සි. පෙරේරා 
සිය මව විසින් උපන් අවස්ථාවේදීම බිළිඳෙකු වැසිකිලි වළකට දමා මරා දැමීමේ පුවතක් පස්සර - මියනඳුර ප‍්‍රදේශයෙන් වාර්තා වේ. ඊයේ (28) පොලිසියට ලද තොරතුරක් මත මේ සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පස්සර පොලිසිය ප්‍රකාශ කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ බිළිඳාගේ මව බවට සැකකෙරෙන කාන්තාවක අත්අඩංගුවට ගෙන ති‍බේ. සැකකාරිය අද බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පස්සර පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ දේවල් වෙන්නේ බුදුන්ගේ දේශය තුලයි. මෙවැනි බිලුදුන් මරාදැමීමේ සිද්දීන් ගණනාවක් වාර්තා විය. මිට දින කිහිපයකට පෙර බින්ගිරිය ප්‍රදේශයේ මවක් බිලිදෙක්ව ලිදකට විසිකර මරා දමන ලදී.

2600 වැනි සම්බුද්ද ජයන්තිය උත්සවාකාරයෙන් සමරා ගත වුයේ කෙටි කාලයකි. දේශපාලකයින් මහා බත් දන්සල් පවත්වන ලදී. ඒ ඔවුන්ගේ සල්ලි වලින් නොව ජනතාවගේ සල්ලි වලිනි. ඇමතිවරු හිස් මුඩු කරගෙන දසසිල් සමාදන් වුහ. ඒ වට වියදම් කලේ කගේ මුදල්ද? පාරක් පාරක් ගැනේ වෙසක් සැරසිලි කලේ කාගේ මුදලින්ද? මේ මුදල් මෙරට අසරණ ජනයාට ලබාදී මෙන් පුන්‍යකර්මයක් කර ගැනීමට මේ ලොක්කන්ට බැරිය. ඒ ජනතාව රැවටීමේ කුහක මානසිකත්වය නිසාය.

මේ බිලිදු මරණ වෙන කිසිවක් නොව ජනතාවගේ ආර්ථික අග හිගකම් පිළිබද ප්‍රති මුර්තියකි. සමජයේ අත්තියේදී මෙන් කෙනෙකුට වෙනත් කෙනෙකුට පිහිට වීමට තරම් හොද ආර්ථික ශක්තියක් නැත. බඩ කට නොපිරෙන විට සදාචාරයෙන් වැඩක් නැත.

මෙලෙස බිලිදුන් මරා දැමීම හමුවේ අප තව දුරටත් අපේ ප්‍රශ්න අපම විසදා ගන්නා බව කියමින් අපි අපවම මුළා කර ගන්නවද? නැතිනම් ජාත්‍යන්තරයේ සහයෝගය ඇතිව අනාගත පරපුරේ ජිවිත ආරක්ෂා කරනවද?


Tell a Friend