ඇමෙරිකානු පුරවැසියාව නිදහස් කරයි.

උතුරු කොරියාවේ නිශ්චිත නොවූ චෝදනා මත රදවාගෙන සිටි ඇමෙරිකානු පුරවැසියාව නිදහස් කර ඇත.

එඩි. ජුන්. යොන්ග් සු මිෂනාරි වැඩ වලට සම්බන්ද බව කියවෙන අතර ඔහු වොෂින්ටන් හි රොබට් කින් ගේ නායකත්වයෙන් යුක්ත නොයෝජිත කණඩායමක් සමග පියෝන්යන් වලින් ඉවත්ව ගියේය.

උතුරු කොරියාවේ සංචාරය කල ඇමෙරිකානු නිලදාරීන්ගේ අකණ්ඩ ඉල්ලීම් මත මානුෂික හේතුන් මත ඔහුව නිදහස් කල බව උතුරු කොරියාව පවසයි.

ජුන් මහතා යහපත් සවුකයයෙන් මෙන්ම හොද ආත්ම ශක්තියෙන්ද යුක්තව පියෝන්යන් වලින් නික්ම ගිය නමුත් වාර්තාකරුවන්ට කතා කලේ නැත.

කොරියානු ඇමෙරිකානුවෙක් වන ජුන් මහතාව නොවැම්බර් මස අත්අඩංගුවට ගනු ලැබිණි. නිලදාරීන් කියන්නේ ඔහු බරපතල අපරාදයක් කල බවට පාපොච්චාරණය කල බවයි.

හෙතෙම් වියාපාර කටයුතු වලට යයි කියමින් කොමියුනිස්ට් රාජ්ජයට පැමිණ මිෂනාරි වැඩ වල නිරත වූ බව විශ්වාස කෙරේ.

මෙම නිදහස් කිරීම දනාත්මක පිවරක් හැටියට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පිළිගනියි.

උතුරු කොරියාවේ ආහාර හිගයක් පවතින අතර ඇමෙරිකාව ඒ සදහා ආහාර ආදාර දීම ගැන සළකා බලමින් සිටියි.

බි. බි. සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend