බොක්සින් මන්ජුගෙන් පසු චින්තන ?

හර්ෂි සි. පෙරේරා

පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ බර ඉසිලීමේ රන් පදක්කම් ලාභී චින්තන ගීතාල් විදානගේට තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ. ලෝක බර ඉසිලීමේ සම්මේලනය විසින් ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයට මේ බැව් දැනුම්දී ඇතැයි ද පැවසේ.

චින්තන විදානගේට තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනාවක් එල්ලවී ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා මේවන විට තහවුරුකර තිබේ.

චීනයේ පැවැති ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී චින්තන ගීතාල් විදානගේ තහනම් උත්තේජක පාවිච්චි කළ බවට චෝදනා එල්ලවී ඇත.

මේ ශ්‍රී ලංකාවේ පිළිකාවක් ලෙස පවතින දුෂණය, අවනීතිය සහ වන්කබව ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් පිල්බිබු වන තවත් එක් උදාහරණයක් පමණි. මුළු රටේම ප්‍රථම පුරවැසියාගේ සිට සාමන්‍ය පුරවැසිය දක්වා, තිබිරි ගෙය සිට මළගෙදර දක්වා පිලිබිබු වන වංචාව එක් අතකට ක්‍රීඩාවෙන් පිලිබිබුවිම පුදුමයට පත්විය යුතු කාරණයක්ද නොවේ.

එක් දෙයක් පැහැදිලිය. එනම් අවනීතිය නිතිය කිරීම වන්කබව අවන්කබාවය දක්වා ස්ථිරසාර වෙනසකට කොහෙන්හෝ සෝදනය පටන් ගතයුතු බවයි. අන් අයගේ දුෂණ මැඩලීමට සිටින පොලිසිය පළමුව ශොදනය විය යුතුය. ඉන්පසුව බොක්සින් මංජුලා සහ බර උසුලන චින්තනලා ගැන බලාගත යුතුය.

මේ නිවරදිකිරිම අද හෙට ආරම්බ නොවුනහොත් 2600 වැනි බුද්ද ජයන්තිය උත්කර්ශවත් ලෙස සැමරු වංක ජාතියක් වංක පාරාදීසයක් ලෙස අප ලෝකයා අතර නමක් දිනා ගනු ඇත.


Tell a Friend