2012 ලෝක විනාසේ වෙනවාමයි - " මහාචාර්ය" රණවක සිසුන්ට අවවාද කරයි


2012 දෙසැම්බර් මාසයේදී ලෝකය විනාශවීම අනිවාර්ය බවත් ඒ නිසා තමන්ගේ සහ තම පවුලේ ජීවිත ඉන් ගලවා ගැනීම සඳහා කන්ද උඩරට එක්තරා කඳු යායක තමන් නිවසක් ඉදිකර ඇති බවත් මහාචාර්ය ඩි. එස්. රණවක මහතා තමාගෙන් මනෝවිද්‍යාව ඉගෙනගන්නා සිසුන්ට ප්‍රකාශ කොට ඇත. තමන්ට හිතවත්ම යයි සැලකෙන සිසුන් කිහිප දෙනෙකුට පමණක් ඉතා වැදගත් රහසක් කියන ආකාරයෙන් එය සඳහන් කොට ඇත. ඩි. එස්. රණවක ගැන අපි වාර්තා කිරීමෙන් පසු ඔහුගෙන් අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් සියල්ලගේම පාහේ නම් ලැයිස්තුවක් අපට ලැබුණු අතර ඇතැම් සංවේදී කාරණා හේතුවෙන් ඒවා පල නොකිරීමට අපි තීරණය කළෙමු. කෙසේ වෙතත් රණවක යනු වුර්තිමය හොරුන් ලෙස කටයුතු කරන කුලකයට අයත් වෙන එක් අයෙක් පමණි.


Tell a Friend